Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කොවිඩ් හඳුණාගැනීමේ පරීක්ෂණ නොමිලයේ සිදු නොකිරීමට ජර්මනිය තීරණය කරයි

slbc.lk

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමේ හැකියාව තිබිය දී එහෙත් එය ලබා නොගන්නා අය සඳහා කොවිඩ් හඳුණාගැනීමේ පරීක්ෂණ නොමිලයේ සිදු නොකිරීමට ජර්මානු බලධාරීහු තීරණය කරති. මෙම තීරණය ඔක්තෝබර් මස 11 වෙනිදා සිට ක්‍රියාවට නැංවේ.

කොවිඩ් හඳුනාගැනීමේ පරීක්ෂණ නොමිලයේ සිදු කිරීම මගින් කොවිඩ් තුන්වන රැල්ලක් මතුවීමේ තර්ජනයෙන් ගැලවීමට හැකි වූ බව ජර්මනිය පවසයි. රටෙි සියලු වැසියන්ට කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට අවශ්‍ය කාලයද මේ වන විට ගත වී තිබේ. එබැවින් නොමිලයේ පරීක්ෂණ සිදු කිරීම නවතා දැමීමට රජය තීරණය කර ඇත.

කොවිඩ් එන්නත ලබාගැනීමට ජනතාව පෙළඹවීම මෙහි අරමුණයි. එහෙත් ගැබිණි මව්වරුන් සහ එන්නත ලබා දීමට මෙතෙක් කටයුතු නොකළ 18 ට අඩු යෞවනයන් සඳහා නොමිලයේ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනු ඇත.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

එන්නත් ලබා නොගත් සේවකයන් පහ කරලා

Read Next

President takes initiative to contribute to UN Climate Change and Global Warming Prevention activities

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!