Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කොවිඩ් ව්‍යාප්තිය පාලනය නොකිරීමේ චෝදනාවට චීනයේ නිලධාරීන් රැසකට දඬුවම් පමුණුවයි

nethfm

මාසයකට වඩා අඩු කාලයක් තුලදී චීනයෙන් කොවිඩ් ආසාදිතයින් 900 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීම සම්බන්ධයෙන් වගකීම් පැහැර හරිනු ලැබූ බලධාරීන් රැසකට එරෙහිව චින රජය විසින් දඬුවම් පැමිණවීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් වෛරසයෙන් සිය රට ආරක්ෂා කර ගැනීම සඳහා චීන රජය විසින් දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනු ලබන අතර මෑතකදී ආසාදිතයින්ගේ වාර්තා වීම ඔවුන්ගේ සැලස්මට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

නැගෙනහිර චීනයේ Yangzhou නගරයේ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මැඩ පැවැත්වීමට අපොහොසත්වීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් නගරයේ බලධාරින් 05 දෙනෙකුට අවවාද කිරිමට එරට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත.

නැන්ජියැන්ග් ප්‍රාන්තයෙන් පළමු වරට වාර්තා වූ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට අද දිනය වන විට ආසාදිතයින් 308 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ඉන් රෝගීන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි චීන බලධාරින් සඳහන් කරන්නේ.

කොවිඩ් ව්‍යාප්තිය නිසි පරිදී කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වූ නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය රෝහල් සහ ගුවන්තොටුපොළවල් සඳහා පත් කොට ඇති සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් 30 දෙනෙකුට අධික පිරිසකට මේ දක්වා දඬුවම් කිරිමට එරට චීන මධ්‍යම රජය පියවර ගෙන ඇති බවයි ග්ලෝබල් ටයිම්ස් මාධ්‍ය ආයතනය වාර්තා කර සිටියේ.

වුහාන් ප්‍රාන්තයෙන් ඇරඹි පළමු කොවිඩ් රැල්ලෙන් පසුව එරට විසින් මේ වන විට මුහුණ දෙමින් සිටින ප්‍රබලම කොවිඩ් රැල්ල මෙය වනවා. 

නවතම වාර්තා අනුව චීනයේ ප්‍රාන්ත 31ක් තුලින් මේ වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Sri Lanka gets tourism investments despite Coronavirus pandemic

Read Next

Lanka Sathosa to open Sri Lanka’s first organic supermarket

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!