Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කොලොම්බියාවේ නාය යාමකින් 14 ක් මරුට

news24.lk

මධ්‍යම කොලොම්බියාවේ නිවාස කිහිපයක් නාය යාමෙන් පුද්ගලයන් අවම 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් 35 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රිසරල්ඩා පළාතේ ඩොස්කිබ්‍රෙඩාස් ප්‍රදේශයේ නාය යාමට ලක්ව ඇත්තේ කෝපි වගා ආශ්‍රිත ගම්මානයක්.

දින කිහිපයක් තිස්සේ එම ප්‍රදේශයට දැඩි වර්ෂා තත්ත්වයක් වාර්තා වී තිබුණා.

නාය යාමත් සමග නිවාස කිහිපයක් යට වී ඇති බව සඳහන්.

කොලොම්බියා ආපදා කළමණාකරණ ආයතනය සඳහන් කළේ සහන මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

කඳුකර ප්‍රදේශයක අනතුර සිදුව ඇති බැවින් සහන කටයුතු වලට බාධා පැමිණ ඇති බවද එරට මාධ්‍ය වාර්තා කළා.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Navy takes hold of 03 Indian poaching trawlers in Sri Lankan waters

Read Next

ගෝලීය කොවිඩ් ආසාදිතයන් කෝටි 40 ඉක්මවා යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!