Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කොරෝනා මර්දන සීමාවන්ට එරෙහිව ඔස්ටි‍්‍රයාවේ උද්ඝෝෂණ

divaina.lk

පනවා ඇති කොරෝනා මර්දන සීමාවන්ට විරෝධය පාමින් ඔස්ටි‍්‍රයාවේ දසදහස් ගණනක් වූ ජනතාව ඊයේ (12දා) දිනයේ අගනුවර වන වියනා ඇතුළු නගරවල දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වා තිබේ.

කොරෝනා එන්නත්කරණය අනිවාර්ය කිරීමට හා කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කිරීම ඇතුළු ඔස්ටි‍්‍රයාව තුළ ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන සීමාවන්ට එරෙහිව මෙම විරෝධතාවන් සංවිධානය කර ඇත්තේ එරට දක්ෂිණාංෂික නිදහස් පක්ෂයේ මෙහෙයවීමෙනි. ඔස්ටි‍්‍රයාවේ වියනා නගරය ඇතුළු නගර ගණනාවක මෙම විරෝධතා ව්‍යාපාර පවත්වා ඇති අතර ඊයේ දිනයේ වියනා නගරයේ පවත්වා ඇති විරෝධතාවයට පුද්ගලයන් 44,000ක් පමණ දෙනා සහභාගි වී ඇත. සිවුවැනි වරටත් සති අන්තයේ පවත්වා ඇති මෙම විරෝධතාවයට සහභාගි වූවන් ලබන පෙබරවාරි මාසයේ සිට සියලූ ඔස්ටි‍්‍රයානු වැසියන්ට කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය විවේචනය කර ඇති අතර ජනතාවට එන්නත් ලබාගත යුතුද? නැතිද ? යන්න පිළිබඳව තීරණය කිරීමේ නිදහස ඇති බවට සටන් පාඨ පවසා තිබේ. මේ අතර ඔස්ටි‍්‍රයාවේ කොරෝනා එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් පනවා ඇති නීතිය තවදුරටත් ක‍්‍රියාත්මක කිරීමට බලධාරීන් විසින් තීරණය කර ඇති අතර කොරෝනා එන්නත් ලබා ගැනීමට කිසිවකුට බලකිරීමක් සිදු නොකරන බවද සඳහන් කර ඇත. කෙසේ වුවද කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරන සියලූ දෙනා හට යුරෝ 3600 ක් දක්වා වූ දඩ මුදලක් පැනවීමට බලධාරීහු තීරණය කර ඇත.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ඔමික්‍රෝන් නිසා එංගලන්තයේ 75,000ක් දෙනා මිය යනු ඇතැයි හෙළි වේ

Read Next

Plans to implement Rs. 500 million Surakimu Ganga projects in first quarter of 2022

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!