
aruna.lk
අමෙරිකාවේ සියැටල් නගර බලධාරීන් අලුත් නීතියක් සම්මත කර තිබේ.
ඒ කුලය අනුව යමෙකුට පහත්කොට සැලකීම තහනම් කරමිනි. එම නගරයේ කවුන්සිලය ඊට අදාළ නීති සම්මත කර තිබුණි.
මෙම නීතිය මගින් සමාජ බෙදීම් අඩුවෙතැයි අනුමාන කෙරේ.
“දකුණු ආසියානු ඩයස්පෝරාව” සැලකිල්ලට ගැනීමේදී මෙය සුවිශේෂී තීරණයක් බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව කුලය මත පදනම්ව වෙනස් කොට සැලකීම තහනම් කළ පළමු එක්සත් ජනපද නගරය බවට සියැටල් නගරය පත්ව ඇත.