
SC FR 57 / 2017
ශ්‍රී ලංකාවේ කාලීන පාරිසරික ගැටලුවක් වන සහ රටේ පුරවැසියන්ට සිය මුලික අයිතිවාසිකම් භුක්ති විඳීමේදී බාධා වන අයුරින් සීමාව ඉක්මවා ඉදිකෙරෙමින් පවතින කුඩා ජල විදුලි බලාගාර සම්බන්ධයෙන් නිසි යාන්ත්‍රණයක් හා ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලකරමින් මෙම නඩුකරය ගොනු කරන ලදී.
විශේෂයෙන්ම සංවේදී පාරිසරික කලාපයන් සහිත දිය ඇලි හා ගංගා පරිසර පද්ධතීන්ට සිදුකර ඇති පාරිසරික හානිය පිළිබඳව, මෙහි වැඩිදුරටත් කරුණු සඳහන් කර ඇති අතර එකී කලාපයන් පරිසර ආරක්ෂණ කලාප (Environmental Protection Areas) ලෙස ප්‍රකාශයට පත්කර සමස්ත ජෛව ප්‍රජාවගේ සහ අනාගත පරපුර සතු පරිසර අයිතින් තහවුරු කරන ලෙස මෙයින් ඉල්ලා සිටී.