
වන්නි රොමේෂ් මධුෂංඛ – lankacnews.com
කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි මහපරිමාණ වැලි සහ බොරලු කැපීම් හේතුවෙන් රක්ෂිත වනාන්තර මෙන්ම සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් විනාශ වීම හේතුවෙන් ජනතාව දැඩි සේ පීඩාවන්ට පත්ව සිටිති.
කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අක්කරායන්, පුලියන්පොක්කනෙයි සහ පෙරියකුලම් යන ප්‍රදේශයන්හි අක්කර 30 කට ආසන්න ප්‍රදේශයක් මේ වන විටත් වැලි ජාවාරම් කරුවන් විසින් විනාශ කොට ඇති අතර ඇතම් ස්ථානයන්හි අඩි 20 ක් තරම් වූ ගැඹුරැති වලවල් ඇති බවටද ප්‍රදේශවාසීන් පවසති.
මේ හේතුව නිසාවෙන් අදාල ප්‍රදේශයන්හි වැලි ජාවාරම් කරුවන් ඇල්ලීම සඳහා යුදහමුදාවද සහය ලබා දී වැලි කැනීම් සිදුකරන ප්‍රදේශයන්හි නිරීක්ෂණයක්ද සිදුකරන ලදි.
මේ අතර මුලතිව් අයියන්කුලම් පොලිස් බලප්‍රදේශයේ අම්බාල් පෙරුමාල්කුලම් ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයන්හීද බොරලු ජාවාරම් කරුවන් විසින් මහපරිමාණයෙන් වනාන්තරය එලි පෙහෙලි කොට බොරලු කැපීම සිදුකරන අතර ඔවුන් ව්‍යාජ බලපත්‍ර යොදාගනිමින් මෙලෙස බොරලු කැපීම සිදු කරන අතරම එම පිරිස් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් කිසිවෙකු පියවර ගෙන නොමැති බවටද ප්‍රදේශවාසීන් චෝදනා නගති.
මේ හේතුවෙන් යුදහමුදාව හෝ මැදිහත් වී අදාල ජාවාරම් නැවත්වීමට පියවර ගන්නා ලෙසට ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ