
SC FR 152 / 2017
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ උද්ගතව තිබු පාරිසරික ගැටලුවක් වන කැලි කසල නිසි පරිදි බැහැර කිරීම සහ කළමනාකරණය කිරීමට ජාතිකමය වශයෙන් ප්‍රතිපත්තියක් සකස්කරන ලෙස බලකරමින් රජයට හා රජය නියෝජනය කරන වගකිවයුතු ආයතනවලට විරුද්ධව පරිසර යුක්ති කේන්ද්‍රය විසින්ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් මෙම නඩුකරය ගොනු කරන ලද්දේ 2017 වසරේදීය.
මෙහි වගඋත්තරකාර පාර්ශවයන් වශයෙන් පරිසර අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිවරයා, ආපදා කළමනාකරණ අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කොට ඇත.
පෙත්සම්කරුවන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ නෛතිකව බලාත්මක කිරීමේ හැකියාවක් නොමැති අංක 2015/53 සහ 2017 අප්‍රේල් 20 දිනැති ගැසට් නිවේදනය අහෝසිකර රට පුරා කසළ බැහැර කිරීම කළමනාකරණය කිරීම සඳහා නිසි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසයි. මීතොටමුල්ල සංසිද්ධිය හුවා දක්වන පෙත්සම්කරුවන් තවදුරටත්අධිකරණයට අවධාරණය කර සිටින්නේ අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමෙන් ජීවිතයට ඇති අයිතියටත්, සෞඛ්‍ය සම්පන්න පරිසරයකට ඇති අයිතියට සහ රටේ අනාගත පරපුරේ අයිතිවාසිකම්වලටත් බලපෑම් ඇති වන බවයි.
ඒ අනුව කසල බැහැර කිරීමේ නව ජාතික ප්‍රතිපත්තියක් සකස්කරන ලෙසත්, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සහ එහි තත්ත්වය පිලිබඳව වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කරන ලෙසත් වගඋත්තරකරුවන්ට නියම කරන ලදී.