
news24.lk
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වයක් බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.
එය ප්‍රාන්තයේ නිරන්තරයෙන් ඇති වන ලැව්ගිනි තත්ත්වය දෙගුණ කිරීම තරම් උෂ්ණත්වයක් බවයි එරට බලධාරීන් සදහන් කලේ.
කැලිෆෝනියාවේ ඩෙන්වැලී ජාතික උද්‍යානය පිහිටි ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 54කට වැඩි අගයක් සටහන් වු අතර එය තවත් ඉහළ යා හැකි බව සදහන්.
මේ හේතුවෙන් ප්‍රාන්තයේ කදුකර ප්‍රදේශවල වාසය කරන ජනතාව ඇතුළු විශාල පිරිසක් ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් එම ප්‍රදේශ වලින් ඉවත් කර ඇති අතර සිදු වු ජීවිත හානි පිළිබද මෙතෙක් වාර්තා වී නැහැ.