
ජගත් කණහැරආරච්චි – දිවයින
ගිනි ගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට එකතු වන රසායනික ද්‍රව්‍ය සහ විසිරිය හැකි ඉන්ධන මගින් කැලණි ගංගා මෝය සිට කොච්චිකඬේ මා ඔය මෝය කට දක්වා ප‍්‍රදේශයේ සමුද්‍ර දූෂණයක් සිදුවීමේ ප‍්‍රවණතාවක් පවතින බව සාගර විද්‍යාංග, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා පැවසීය.
මුහුදේ පවතින ප‍්‍රචණ්ඩ කාලගුණික තත්ත්වය හා සාගර තරංගවල ගමන් මාර්ගික දිශාව අනුව මෙම ප‍්‍රදේශය දූෂණයට ලක්විය හැකි බව විද්‍යාත්මකව හඳුනාගෙන ඇති බවත්, බොහෝ විට මීගමුව කළපුව තුළට පවා මෙම දූෂණයේ බලපෑම සිදුවිය හැකි බවත් ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.
නැවෙන් සිදුවිය හැකි සමුද්‍රීය දූෂණය පිළිබඳව ‘දිවයින’ සිදුකළ විමසීමකට පිළිතුරු ලෙස ආචාර්ය ප‍්‍රදීප් කුමාර මහතා මේ බව පැවසීය.
එසේම, නැව සම්පූර්ණයෙන්ම ගිලී ගියහොත් නැවේ පවතින ඉන්ධන ටොන් 350ක් පමණ මුහුදට එකතුවන බව කී ඒ මහතා මෙහි පවතින බහාලූ 1486ක් අතුරෙන් රසායනික ද්‍රව්‍ය ඇති බහාලූ නිසා සිදුවන දූෂක කාරක හානිය අවම කරගැනීම සඳහා ආයතන රැසක සභාගිත්වයෙන් පියවර ගනිමින් සිටින බවද පැවසීය.
ජගත් කණහැරආරච්චි
තොරතුරු මූලාශ්‍රය
https://divaina.com/daily/index.php/puwath-2/58954-2021-05-25-14-20-51