Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කැලණි ගඟ දෙපස කැත කරන්නන් අල්ලන්න ආරක්ෂක කැමරා

lankadeepa.lk – (ඩයනා උදයංගනී)

කැලණි ගඟට කසල බැහැර කරන්නන් සොයාගැනීම සඳහා හංවැල්ල සිට පෑලිගොඩ දක්වා පාලම් කිහිපයක සී.සී.ටී.වී කැමරා සවි කිරීමට පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මීට අමතරව කසල ගඟට වැටීම වැළැක්වීම සඳහා පාලම් යටින් දැල් සවිකිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට 103කින් සමන්විත ගංගා පද්ධතියෙන් දූෂිතම ජලය සහිත ගංගාව ලෙස මේ වනවිට කැලණි ගඟ හඳුනාගෙන ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ සමීක්ෂණයකට අනුව සියලුම ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 10,733ක් තිබෙන බවත්, කැලණි ගඟ ආශ්‍රිතව පමණක් එවැනි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1374ක් හඳුනාගෙන ඇති අතර ඉන් කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාන 797ක් හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ස්ථාන 577ක් තිබෙන බව ඇමතිවරයා කීවේය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

කළුගල කඩනවාට පන්නල විරෝධතා

Read Next

කැලිෆෝනියා ගුරුවරුන්ට එන්නත අනිවාර්යයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!