
dinamina.lk
කාබනික පොහොර නිෂ්පාදනයට භාවිත කරන ශාක කොටස් පහසුවෙන් හා කඩිනමින් කැබලි කිරීමේ යන්ත්‍ර කිහිපයක් අඩු මිලට වෙළෙඳපොළට එක් කිරීමට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවක්කුලම පූනෑව ප්‍රදේශයේ පදිංචි ඉන්දික උදය කුමාර මහතා මේ වන විට පියවර ගෙන ඇත.
දැනට ප්‍රසිද්ධ සමාගම් මඟින් නිෂ්පාදිත මේ ක්‍රියාවලියට යොදා ගන්නා යන්ත්‍ර අධික මිල ගණන් යටතේ පැවතියත් ඉන්දික මහතා විසින් නිෂ්පාදිත මේ යන්ත්‍ර රුපියල් ලක්ෂ දෙකේ සිට පහ දක්වා හෝ ඊට ආසන්න මුදලකට මිල දී ගත හැකිය. තවද සේවා දායකයාගේ අවශ්‍යතාව මත යන්ත්‍ර නිෂ්පාදනය කර දීමට ද ඔහු ක්‍රියා කරනු ලබයි.
සී ෆෑන් අත්ට්‍රැක්ටරයට සම්බන්ධ කළ හැකි විදුලි මෝටරය සවි කළ (විවිධ ප්‍රමාණයේ), ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක කරන, මෝටරය සවි කළ ආදි වශයෙන් මේ යන්ත්‍ර නිපදවා ඇත. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට මේ වන විට එවැනි යන්ත්‍ර ප්‍රමාණයක් දී ඇතැයි පවසන ඉන්දික මහතා තමන්ට මේ කටයුතුවලදී ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සක්‍රියව දායකත්වය දී ඇති බවද එය තමන්ට විශාල ශක්තියක් වූ බව ද කියා සිටියේය. සිව්දරු පියකු වන ඉන්දික උදය කුමාර මහතා මීට පෙර ද කෘෂිකාර්මික සහාය නිෂ්පාදන රැසක් නිපදවා ඇති අතර ඔහු වෘත්තියෙන් වෑද්දුම් කාර්මිකයෙකි. ඔහු මීට පෙර සිවිල් ආරක්ෂකයකු ලෙස ද සේවය කර ඇති අතර, මේ වන විට ඉන් ඉවත් වී සම්පූර්ණයෙන්ම කාර්මික කටයුතුවල නිරතව සිටී.
බන්දුල සෙනෙවිරත්න – වව්නියාව උතුර සමූහ