Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කාබනික පොහොර වෙනුවෙන් චීන සමාගමට ඩොලර් මිලියන 6.7ක්

අංජුල මහික වීරරත්න – lankadeepa.lk

අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු චීන පොහොර නැව වෙනුවෙන් චීන කාබනික පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අර්බුදයකට තුඩු දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවතා තැබූ චීන පොහොර නැව නැවත චීනයේ සමාගම වෙත ගෙන යාමට එකඟතාවයකට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ අනුව දැනටමත් ගිවිසුම් ගත කාර්යසාධන ඇපකරය සුරැකුමක් ලෙස තබා ගනිමින් සහ ණයවර ලිපියේ හා දෙපාර්ශවයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් පොහොර නැව ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට ඊයේ (13) ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 02ක් පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට බලය දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී කෘෂිකාර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පැවසූයේ අදාල චීන සමාගම විසින් ප්‍රසම්පාදනයට අනුකූලව පොහොර ලබා නොදුන් නිසා මුදල් ගෙවීමට හැකියාවක් නැති බවයි.

කෙසේ නමුත් නීතිපති උපදෙස් අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට හානියක් නොවන පරිදි කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Democracy and ‘Hellfire’

Read Next

Northeast monsoon sets in; low pressure area likely

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!