
භක්ති ධර්ප්‍රිය මෙන්ඩිස් – dinamina.lk
කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියකුට හෙක්ටයාරයක් සඳහා රුපියල් 10,000ක දීමනාවක් පිරිනැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
හෙක්ටයාර ලක්ෂ 16ක් වෙනුවෙන් එම නිර්දේශයන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම ආණ්ඩුවේ අරමුණ වේ.
කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා මණ්ඩල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ නියෝජිතයන් සහභාගි වී තිබේ.
එළැඹෙන මහ කන්නය වෙනුවෙන් සැප්තැම්බර් මුල වන විට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබඳ මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.
සියලු පුද්ගලයන් හා ආයතන විසින් නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් හරහා ගැටලුවකින් තොරව මිලදී ගැනීමටද සකස් කර අවසන් බව මෙහිදී කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දී තිබේ.
භක්ති ධර්ප්‍රිය මෙන්ඩිස්