Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

දිණමින – පහන් විජේසේකර

මහ කන්නයේ වී වගාව සඳහා වූ හෙක්ටයාර ලක්ෂ 5කට අවශ්‍ය කාබනික පොහොර හා ස්වාභාවික ඛනිජ අවශ්‍යතාවන් ින්තර්ජාතික තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

හෙක්ටයාර ලක්ෂ 5කට අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික ඛනිජයන් රජයට අයත් පොහොර සමාගම් මගින් ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් වෙත බෙදා හැරීමටත්, අනෙකුත් භෝග හෙක්ටයාර ලක්ෂ 6කට පමණ අවශ්‍ය කාබනික පොහොර එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශයන්ට අනුකූලව මෙරටට පොහොර ආනයනය කිරීම සඳහා බලපත්‍ර හිමි සමාගම් මඟින් ආනයනය කර අදාළ ගොවීන් වෙත බෙදා හැරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මේ අතර මහ කන්නයේදී හෙක්ටයාර 2,24,000කට අවශ්‍ය කාබනික පොහොර දේශීය නිෂ්පාදකයන් හරහා සපයා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

පහන් විජේසේකර

තොරතුරු මූලාශ්‍රය

http://www.dinamina.lk/2021/06/02/පුවත්/123401/කාබනික-පොහොර-ආනයනයට-කැබිනට්-අනුමැතිය

Chandana Sesath Jayakody

Read Previous

Chemical fertilizer, pesticides and weedicides import ban confirmed

Read Next

Ship to be moved despite compensation concerns

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!