Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කාබනික පොහොර (අසූචි යැයි සැකකෙරෙන) කන්ටේනර් තුනක් ඉන්දියාවෙන් කොළඹ වරායට

උපුටාගැනීම lankaleadnews.com

ජනාධිපති තුමා විසින් රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කිරීමත් සමඟම ඇතිවන පොහොර හිඟය පිය වීමට කාබනික පොහොර ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් නැතැයි පවසන කණ්ඩායම් විසින් කාබනික පොහොර ලෙස හඟවා නාගරික කැලි කසල වලින් නිපද වූයේ යැයි සැක කෙරෙන කාබනික පොහොර කන්ටේනර් තුනක් ඉන්දියාවෙන් කොළඹ වරායට ගොඩ බෑමට කටයුතු කර ඇති බව නිල නොවන මට්ටමින් වාර්තා වේ. ඒ සඳහා ආනයන පාලකවරයා විසින් අවසර දී ඇති බවත් මේ වන විට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිළධාරීන් එම පොහොර තොගය නිදහස් කරණ ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර ඇති බවත් වාර්තා වේ.

කෙසේ වුවද පොහොර ලේකම් කාර්යාලයට එලෙස ආනයනික කාබනික පොහොර හෙවත් නාගරික කැලි කසල නිදහස් කරණ ලෙස රේගුවට නියෝග කිරීමට බලයක් නැති බව පවසා රේගුව විසින් එම කන්ටේනර් තුන නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තාවේ.

මේ පිළිබඳ සියළු තොරතුරු ලද සැනින් වාර්තා කිරීමට ලංකා ලීඩ් වෙබ් අඩවිය කටයුතු කිරීමට සූදානමින් සිටී.

තොරතුරු මූලාශ්‍රය

https://news.ejustice.lk/wp-admin/post.php?post=5300&action=edit

Chandana Sesath Jayakody

Read Previous

හරිත විප්ලවයේ ලේ තැවරුණු අත් !

Read Next

Conspiracy Behind “Burning Pearl”,‘For a Few Dollars More’?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!