Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කාබනික පොහොර අභියෝගය ජය ගන්න බවර් සැලැස්මක් හදයි

dinamina.lk

ශ්‍රී ලංකාව සිය සුපුරුදු කෘෂිකාර්මික රටාවේ සිට කාබනික කෘෂිකර්මාන්තය කරා ගමන් කරන මේ අවස්ථාවේදී, එම පරිවර්තනයට ශක්තියක් වෙමින් ඒ සඳහා විද්‍යාත්මක හා ප්‍රායෝගික සැලැස්මක් හඳුන්වා දීමට සිය සමාගම කටයුතු කරන බව මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයකු ලෙස ප්‍රකට, බවර් සමාගම පසුගියදා නිවේදනය කළේය. පසුගිය කාලය තුළ විද්‍යාත්මක හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙරට කෘෂි ක්ෂේත්‍රය පිළිබඳ ගත් විද්‍යාත්මක දත්ත හා දැනුම උපයෝගි කර ගනිමින් මේ සැලැස්ම නිර්මාණය කිරීමට නියමිතය.

මෙරට තුළ කාබනික කෘෂිකර්මාන්තය සඳහා පවතින විභවතාව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් මේ මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණ, දින 10ක ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත වූ ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBL) සහ බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසල (HAFL) නියෝජනය කරන විශේඥයෝ පිරිස මේ දිනවල සිය සොයා ගැනීම් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණ සහ ඇගයීම් කාර්යයන් කරමින් සිටිති. 1එහි අවසාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ කාබනික කෘෂිකර්මාන්තය තවදුරටත් ව්‍යාප්ත කරමින් සෞඛ්‍යමත් රටක් බිහි කර ගැනීම වේ. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්ම අංශයෙන් කාබනික කෘෂි අංශය සතු වන්නේ සියයට 2.5ක් අඩු ප්‍රමාණයකි. ”ශ්‍රී ලංකාවේ කාබනික පොහොර අභියෝගය ජය ගැනීම සඳහා පූර්වගාමීව මෙවැනි වැඩපිළිවෙළක් සංවිධාන කිරීම පිළිබඳ අපි මහත් සේ සතුටට පත් වෙනවා. ඒ අනුව කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ලොව උසස්ම ආයතන පිහිටා ඇති ස්විට්සර්ලන්තයේ විශේෂඥ කණ්ඩායමක්, ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික පද්ධතිය අධ්‍යයනය කිරීම සඳහා යොදා ගැනීමට අපට හැකි වුණා”, යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලේසර් මහතා පැවසීය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ඇෆ්ගනිස්තානයේ ඩොලර් ට්‍රිලියනයක ඛනිජ සම්පත් නිධි

Read Next

බළධාරීන් නොදකින දැදුරු ඔය විනාශය…පෙනි පෙනී නොදකින ෂේප් න්‍යාය මේකයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!