
dinamina.lk
ආනයනය කරන පොහොර අධික මිලට අලෙවි කිරීම වැළැක්වීමට මිල සූත්‍රයක් හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැරසෙයි. පොහොර ආනයනය කරන සමාගම්වලට මිල සූත්‍රයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව පොලොන්නරු දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයන් සමඟ පෙරේදා (30) පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය. පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගම් අධික මිලකට පොහොර අලෙවි කිරීම නිසා ගොවීන් මේ වන විට දැඩි දුෂ්කරතාවට මුහුණ පා තිබේ. මෙම තත්ත්වය වළක්වාලීම සඳහා රජය පොහොර ආනයනය කිරීමට කඩිනම් පියවර ගෙන ඇති අතර ඉතා ඉක්මණින් රජය ආනයනය කරන පොහොර අඩු මිලට ගොවින්ට දීමට දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍ය ජනක වක්කුඹුර මහතා කීවේය. මේ අතර පොහොර නැවක් මේ වන විට කොළඹ වරායට පැමිණ ඇති අතර පොහොර ගොඩබෑමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.
නෙරංජලා වික්‍රමසිංහ