
lankadeepa.lk – (හේමලතා ඞී හේවගේ)
පන්නල මැල්ලවලාන ග‍්‍රාමයෙහි රජයට අයත් සේදවත්ත ඉඩමෙහි අක්කර 20 පමණ භූමියක විහිදී පැතිරෙන කඵගලක් කැඞීමට එරෙහිව පන්නල ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සහ ප‍්‍රදේශවාසීහු කුරුණෑගල මීගමුව ප‍්‍රධාන මාර්ගයේ මාහොලව මන්සන්ධියේදී නිහඬ විරෝධතාවයක නිරතවූහ.
අක්කර 150 කට වැඩි මෙම සේදවත්ත ඉඩම ඉතා සුන්දර පරිසරයකින් යුත් භූමියක් බවත් කඵගල කැඞීමෙන් එහි ඇති ජලපෝෂක සිඳීයාම නිසා මාහොලව මැල්ලවලාන එලිබිච්චිය ඇතුඵ අවට ප‍්‍රදේශවල ජල උල්පත් සිඳීයනු ඇති බව ඔවුන් පවසති.
