Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කරිතුරෙයිපට්ටු රක්ෂිතයේ බැකෝ යන්ත්‍ර යොදාගෙන මහා පරිමාණ වන විනාශයක්

dinamina.lk

බලධාරීන් නිහඬ බවට ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ පවසති

මුලතිව් මාංකුලම් කරිතුරෙයිපට්ටු ප්‍රදේශයේ මේ දිනවල සිදු වන මහා වන විනාශයක් පිළිබඳ නිලධාරීන් නිහඬව සිටීමට එරෙහිව මුලතිව් මාංකුලම මහාමාර්ගය පුරා පෙරේදා (19) විරෝධතා වැකි ලියා තිබේ.

මාංකුලම කරිතුරෙයිපට්ටු ප්‍රදේශයේ රජයේ රක්ෂිත වනයේ අක්කර 200ක් පමණ කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් බැකෝ යන්ත්‍ර යොදාගෙන එළිකරණ බවට පළාතේ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම මුලතිව් බලධාරීන්ට දැනුම් දෙන ලද නමුත් මේ දක්වාම එම ක්‍රියාව නතර වී නැති බව පවසන ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ මේ වන විට එම අක්කර 200ට අමතරව තවත් ප්‍රදේශයක් එළි කරමින් සිටින බවද පැවසූහ. මේ ක්‍රියාවට විරෝධය පළ කරමින් මාර්ගයේ විරෝධතා වැකි ලියා ඇයි අයුරුයි මේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ඩෙල්ටා විකෘති තුනම කොළඹින් හමු වෙයි

Read Next

ඇෆ්ගනිස්තානයේ ඩොලර් ට්‍රිලියනයක ඛනිජ සම්පත් නිධි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!