Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කතරගම හොර සතුන් වත්තක් අල්ලයි

mawbima.lk – මත්තල – ඩී. එන්. ජයසේකර

ඇති කිරීමට තහනම් වන සතුන් කිහිප දෙනකු හා විවිධ වර්ගයේ වන සතුන්ගේ ශරීර කොටස් රැසක් හා වියළි ගංජා ග්‍රෑම් 220ක් සන්තකයේ තබාගෙන සිටි ලැගුම්හල් හිමියකු කතරගම, පොලිසියෙන් ඊයේ (12දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම, නාගහවීදියේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු කතරගම ප්‍රදේශයේ ලැගුම්හලක් පවත්වාගෙන යන අතර එම ලැගුම්හල තුළ මෙලෙස නීති විරෝධී අයුරින් වන සතුන් සිරකර තබාගෙන සිටින බව අනාවරණය වී තිබේ. සතුන්ගේ විවිධ කොටස් ද ලැගුම්හලේ තැන තැන ප්‍රදර්ශනය කර තිබූ බව පොලිසිය කීය.

වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 220ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී සැකකරුගේ ලැගුම්හලේ ස්ථාන කිහිපයක සිර කර තබාගෙන සිටි රිළවුන් දෙදෙනකු, වඳුරකු, දඬුලේනකු පොලිස් නිලධාරීන් එම අවස්ථාවේදීම වනයට මුදාහැර ඇත. එහි සිර කර තබාගෙන සිටි වයස අවුරුද්දක පමණ වන තිත් මුව පැටියකු කතරගම වන සත්ත්ව නිලධාරීන්ට භාරදී තිබේ.

මීට අමතරව ලැගුම්හලේ තිබී හරක් හිස් කබල් සහිත අං තට්ටු 04ක්, මුවන්ගේ හිස් කබල් සහිත අං තට්ටු 04ක්, ගෝන අං තට්ටු 03ක්, වල් උෟරකුගේ හිස් කබලක්, වලසකුගේ හිස් කබලක්, කිඹුලකුගේ හිස් කබලක්, මරා වේළන ලද පිහාටු සහිත අත්තක වසා සිටින සේ සකස් කරන ලද බකමූණකු පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා මෙම නීති විරෝධී ක්‍රියාව කර ඇති බව මූලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට පත් සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මත්තල – ඩී. එන්. ජයසේකර

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Cold weather leaves over 1,600 livestock dead in N/E

Read Next

උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!