Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඔමික්‍රෝන් නිසා එංගලන්තයේ 75,000ක් දෙනා මිය යනු ඇතැයි හෙළි වේ

divaina.lk

මේ වන විට දකුණු අප‍්‍රිකාවට අමතරව නව ‘‘ඔමික්‍රෝන්’’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර යන බව අනාවරණය වී ඇති එංගලන්තයේ ලබන අපේ‍්‍රල් මස අවසන් වන විට එම ප‍්‍රභේදය ආසාදනය වූවන් 75,000ක් දක්වා වූ පිරිසක් මියයනු ඇති බවට එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කර ඇති නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

එම අධ්‍යයනයට අනුව මෙම නව ප‍්‍රභේදයේ පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ පියවර නොගතහොත් ලබන අපේ‍්‍රල් මස අවසන් වන විට එංගලන්තයේ 25,000ත් 75,000ත් අතර වූ පිරිසක් ‘‘ඔමික්‍රෝන්’’ ප‍්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් මිය යනු ඇත. පෙරේදා (11දා) දිනය වන විට එංගලන්තයෙන් වාර්තා වී තිබූ ‘‘ඔමික්‍රෝන්’’ ප‍්‍රභේදය ආසාදනය වී තිබූ සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබිණි. පර්යේෂකයන්ට අනුව පිටතට අනාවරණය වී නොමැති එම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකිය. ඉදිරි කාලයේදී එංගලන්තයේ රෝහල්ගත කෙරෙන නව ප‍්‍රභේදය ආසාදනය වූ පිරිස සියයට 60කින් පමණ ඉහළ යා හැකි බව මේ වන විටත් එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ඇමෙරිකාවේ හමා ගිය කුණාටුවකින් 80කට වැඩි පිරිසක් මරුට

Read Next

කොරෝනා මර්දන සීමාවන්ට එරෙහිව ඔස්ටි‍්‍රයාවේ උද්ඝෝෂණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!