Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඔමික්‍රොන් නව ප්‍රභේදය ඉන්දියාවෙත්

dinamina.lk

චීනයේ පැතිර යන බවට සැක කෙරෙන ඔමික්‍රොන් BF.7 නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සිව්දෙනකු ඉන්දියාවෙන් හමු වූ බවට එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කළේය. ඉන්දියාවේ ගුජරාට් සහ ඔධීෂා ප්‍රාන්තවලින් මේ රෝගීන් වාර්තා වූ බව සඳහන් වේ.

චීනයේ පවතින තත්ත්වය සහ ඉන්දියාවට ඇති අවදානම සම්බන්ධව ඉහළ මට්ටමේ සාකච්ඡාවක් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, පසුගිය ජනවාරියේදී ඉවත් කළ එරට කොවිඩ් නීති යළි පැනවීම සම්බන්ධව ද අවධානය යොමු වනු ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයන් 185 දෙනකු වාර්තා වී ඇති අතර, දැනට කොවිඩ් ආසාදිතයන් 3,402 දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටින බවත් එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කළේය.

ඉන්දියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ ඊයේ එරට පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමැති මන්සූක් මන්ඩවියා ප්‍රකාශයක් සිදු කර ඇති අතර, අවශ්‍යතාව මත නැවත මුව ආවරණ පැලඳීමේ නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. එමෙන්ම අවශ්‍ය වුවහොත් ඉදිරියේදී ඉන්දියාවට පැමිණෙන සියලු විදේශිකයන්ට කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය කිරීමට ද කටයුතු කරනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Dialog to shut down 3G network to free up spectrum for 4G

Read Next

රෝහල්වල ඖෂධ 151ක හිඟයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!