Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

එල්. එන්. ජී. ගෑස් ගැනීම – ටෙන්ඩරයට පිටින් නම් විදුලි ඉංජිනේරුවෝ සටනට

චමින්ද සිල්වා – divaina.lk

රටේ විදුලි උත්පාදනයට එල්.එන්.ජී. ගෑස් ලබා ගැනීම සඳහා ඇමරිකානු සමාගමක් සමග ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කටයුතු කරනු ලැබුවහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට එළඹෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා ඊයේ (28 දා) පැවසීය.

මෙම එල්.එන්.ජී. භාවිතයෙන් විදුලිය ලබාගැනීමට දශකයක පමණ කලක සිට ප‍්‍රමාද කිරීම නිසා ඞීසල් වැනි මිල අධික ඉන්ධනවලින් විදුලිය නිපදවීමට සිදු වී ඇති නිසා විදුලිබල මණ්ඩලය දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව සිටින බවද ඒ මහතා ඊයේ (28දා* කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එල්.එන්.ජී. ඉන්ධන ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් ඒ සඳහා ටෙන්ඩර් 21ක් ලැබී තිබූ බවත් ඒ මහතා පැවසීය. මෙම ටෙන්ඩර් පසුගිය ජුනි මස විවෘත කර සුදුසු ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටියදී ඇමෙරිකානු සමාගම විසින් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කරමින් අයදුම්පතක් ගෙන මුදල් අමාත්‍යාංශය සමග ගිවිසුම් ගත වී ඇති බවත් එය ටෙන්ඩර් පටිපාටියට පටහැනිව සිදුවී ඇති බවත් කුමාරවඩු මහතා පැවසීය.

එල්.එන්.ජී. ඉන්ධන ලබා ගැනීම සඳහා යටිතල පහසුකම් (බට එළීම සඳහා* ලබා ගැනීම රාජ්‍ය ආයතනයක් යටතේ තිබිය යුතු බවත් එවැනි අවස්ථාවක ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් තරගකාරී ලෙස එම ඉන්ධනය ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවද ඒ මහතා පැවසීය.

යම් හෙයකින් මෙම පහසුකම වෙනත් ආයතනයකට හිමි වුවහොත් ඔවුන් පවසන ආකාරයට එම ඉන්ධන ලබා

ගැනීම නිසා විදුලිබල මණ්ඩලය තවත් මූල්‍ය අර්බුදය රැුසකට ගමන් කිරීම වළක්වනු නොහැකි යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

– චමින්ද සිල්වා

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

අවන්ත ආටිගලගේ කාටුනය

Read Next

කැබිලිත්ත රක්ෂිතයේ ඉඩම් හෙක්ටයාර 9960ක් බලෙන් අල්ලාගෙන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!