
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
ගිනි ගැනීමට ලක්වු එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සිදුවු හානියට රක්ෂණ වන්දි ලබා ගැනීම සදහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හා හානිය තක්සේරු කිරීම සදහා අනු කමිටු 5 ක් පත්කර තිබේ රක්ෂණ අනුකමිටුව ,නෛතික අනුකමිටුව ,ධීවර අනුකමිටුව ,පාරිසරික අනුකමිටුව හා ආර්ථික අනුකමිටුව ලෙස ඒවා පත්කර ඇතැයි අධිකරණ අමාත්‍යශය සදහන් කරයි එම අනුකමිටු අදාල ක්‍ෂේත්‍රයන් සදහා නෞකාවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ආයතන ,සංවිධාන හෝ පාර්ශ්ව වෙතොත් ඒ පිළිබඳව 0112-44-54-47 දරණ ෆැක්ස් අංකයට තොරතුරු හෝ අදහස් යොමු කළ හැකිය රුදෙරපි?පදවගටදඩගකන යන විද්‍යුත් තැපෑලටද මේ මස 21 වැනිදාට පෙර එම තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අධිකරණ අමාත්‍යංශය දැනුම් දෙයි තොරතුරු ඉදිරිපත් කිරීමේ දී අදාල අනුකමිටුවේ නම හා අංකය ඇතුලත් කරන ලෙසද ඉල්ලීමක් කෙරේ