Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

එක්ස්ප‍්‍රස් පර්ල් වසන් කළ රහස් සොයන්න විමර්ශන කණ්ඩායමක්

කීර්ති වර්ණකුලසූරිය – divaina.com

ගිනිගෙන වැනසුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව සම්බන්ධව වැදගත් තොරතුරු වසන් වීම නිසා රහස් පොලිසිය නාවික හමුදාව වෙරළාරක්‍ෂක බළකාය සහ රස පරීක්‍ෂක කාර්යාලය යන ආයතනවල 14 කගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් රජය පත්කර ඇත.

මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව නැවේ තිබූ රසායන කාන්දුවීම මැයි 11 දා කපිතාන් ප‍්‍රධාන ඉංජිනේරු සහ 2 වැනි ඉංජිනේරුවරයා දැන සිටි බව සනාථ වී තිබේ.

එහෙත් ඒ ගැන කොළඹ වරාය බලධාරීන්ට දන්වා නැති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර නැවේ තිබූ කන්ටේනර් 1486 න් 81 ක් අනතුරුදායක බහාලූම් බව මුල්වරට හෙළිවී ඇත.

මෙතෙක් හෙළි වූයේ එම නැවේ නයිට්රික් ඇසිට් රසායන ද්‍රව්‍ය පමණක් තිබූ බවයි.

නැව තුළ ඉතා ඉක්මනින් ගිනි ගන්නා ඉන්ධන විශේෂයක්ද තිබුණු බව රජයේ ආරංචි මාර්ග හෙළි කළාය.

තොරතුරු මූලාශ්‍රය

https://divaina.com/daily/index.php/puwath-2/59648-2021-06-08-13-02-33

Chandana Sesath Jayakody

Read Previous

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සම්බන්ධයෙන් වාර්තාවක් දෙන්නැයි විෂය භාර ඇමතිගෙන් නිලධාරින්ට උපදෙස්

Read Next

කාබනික පොහොර ආනයනය කරයි.. දැනටමත් ගොඩබා අවසන්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!