
www.itnnews.lk
(මෙම වෙබ් පිටුවේ ඉහල දකුණු කෙලවරේ දැක්වෙන්නේ නැව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමග පැවති සාකච්ඡාවයි)
කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනිගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සිය සමාව සහ කනගාටුව ප්‍රකාශ කරන බව එම “එක්ස්ප්‍රස් ෆීඩර්” නැව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සැමුවෙල් යෝස්කොවිච් පවසනවා.
සිංගප්පුරුවේ රූපවාහිනී සේවාවක් නව “නිව්ස් ඒෂියා” සමග පැවති සංවාදයකදී ඔහු කියා සිටියේ මෙතෙක් එම නෞකාවේ ඉන්ධන කාන්දුවක් හඳුනාගෙන නොමැති බවයි.
එම රූපවාහිනී සංවාදයේ පරිවර්තනයක් පහතින්…..
ප්‍රශ්නය : මොකක්ද ඔබේ ආයතනය මේ සිදුවන්නට යන මහා පරිසර විනාශයට කර කරන්නට බලාපොරොත්තු වෙන්නේ.?
පිළිතුර : සියල්ලට පළමුව මම කැමතියි ප්‍රකාශ කරන්නට අපගේ බලවත් කනගාටුව මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ වගේම සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් අපි සමාව ඉල්ලා සිටිනවා.
මේ ව්‍යසනයක් සමග ශ්‍රී ලංකාවේ පරිසරයට සහ ජනජීවිතයට විනාශයක් සිදු වෙලා තියෙනවා.
අපි මෙම ගැටලුව ඇතිවූ අවස්ථාවෙම ජාත්‍යන්තර සංවිධාන කීපයක් සමග සමීපව කටයුතු කිරීම ආරම්භ කළා.
හයිකොප් සංවිධානය ඉන් එකක්.
මේ වගේ තෙල් විසිරීමකදී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ලෝකයේ හොඳම විශේෂඥයන්ගෙන් සමන්විත සංවිධානයක් ඒක.
මම කියන්න කැමතියි දැන් සිංගප්පූරුවේ වෙලාවෙන් අළුයම පහයි,මේ වන තුරුත් නැවෙන් තෙල් විසිර යාමක් පිළිබඳව වාර්තා වෙන්නේ න.
ඒක සතුටුදායක ආරංචියක්.
ප්‍රශ්නය : යොස්කොවිට්ස් මහත්මයා අපට පෙනෙන ආකාරයට මේ නෞකාව දැන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ මේකෙන් සිද්ධ වෙච්ච පාඩුව කොච්චරක් කියලද හිතන්නේ?
පිළිතුර : ඇත්තටම ඒ ගැන තවම කියන්න අමාරුයි,මේ පිළිබඳ නිසි තක්සේරුවක් ලබා ගන්නේ නැතුව.
ඒ තක්සේරුව ලබාගැනීමත් ලෙහෙසි කාරණයක් නෙවෙයි.
නමුත් අපි රක්ෂණය වෙලා ඉන්නේ.
ඒ නිසා අපට සිදුවන සෘජු පාඩුව සීමා සහිතයි.
ප්‍රශ්නය : ඒ වගේම මේ සිදුවීම හරහා ශ්‍රී ලංකාවට සිදු වූ හානිය සහ හානිපූරණය වන්දි ගෙවීම සම්බන්ධ ගැටලුවකුත් මතු වෙනවා නේද?
පිළිතුර : ඇත්ත වශයෙන්ම ඒ කාරණය මේ වෙනවිට තක්සේරු කෙරෙමින් පවතිනවා.
නමුත් මං ඔබට කියන්න ඕනේ ඒක බොහොම දීර්ඝ සංකීර්ණ වැඩපිළිවෙළක්.
අපි පළමුව මේ ගැටලුව නිරාකරණය කරගෙන ඉන්න ඕනේ ඊට පසුව තමයි අපි සිදු වෙච්ච හානිය තක්සේරු කළ යුත්තේ.
අපි මේ වන විටත් ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරනවා.
සමුද්‍ර ආරක්ෂණ බලධාරීන් සමගත් අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ.
ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ.
අපි මතක තියාගන්න ඕනෙ කාරණයක් තමයි මේ වන විට ශ්‍රී ලංකාවේ සංචරණ සීමා පනවලා තියෙන්නේ.
නමුත් එවැනි තත්ත්වයක් යටතේත් අපි ඒ කටයුතු සඳහා බර යන්ත්‍ර රැසක් යොමු කරලා තියෙනවා.
අපි මේ මොහොතේ මීපා සහ නාවික හමුදාවටත් ස්තුති කරන්න ඕනේ සංචරණ සීමා පනවලා තියෙන වෙලාවේ මේ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්.
ප්‍රශ්නය : යොස්කොවිට්ස් මහත්මයා ඔබ ශ්‍රී ලංකා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා ඒ වගේම ඔබ කියනවා ශ්‍රී ලංකාවේ අදාල අංශ සමග මේ සම්බන්ධයෙන් ඉතා සමීපව කටයුතු කරනවා කියලත්,අපට කියන්න පුළුවන්ද එහි ප්‍රගතිය මොකක්ද කියලා?
පිළිතුර : ඔබ නිවැරදියි මට පළමුව නෞකාවේ දැන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න ඉඩ දෙන්න.
ඊයේ දින සිට නෞකාව මුහුදේ ගිලිලා තියෙන්නෙ.
එයා මීටර් 21 ගැඹුරු මුහුදු පතුලේ මේ වෙනකොට පසුපස කොටස හිර වෙලා තියෙනවා.
එහි ඉදිරිපස කොටසත් සෙමෙන් ගිලෙමින් තිබෙනවා.
නෞකාවේ තත්ත්වය සම්බන්ධයෙන් යමක් කියන්නට අපි තව ටික කලක් බලා සිටිය යුතුයි නෞකාව සම්පූර්ණයෙන් මුහුදේ ගිලී යන තෙක්. ඉන් පසුවයි අපිට බලන්න පුළුවන් සත්‍ය වශයෙන්ම අපි කළ යුත්තේ කුමක්ද කියලා. ඉන්පසුව අපට නිරීක්ෂණය කරන්නට පුළුවන් මෙහි තෙල් කාන්දුවක් සිදු වෙනවාද, තවත් අපද්‍රව්‍යය මුහුද ජලය සමග එකතු වෙනවද කියලා.
ප්‍රශ්නය : අපට දැනගන්නට ලැබිලා තියෙනවා නෞකාව කාන්දු වෙන කන්ටේනර් ඉවත් කිරීමට වරායන් දෙකකින් ඉල්ලා ඇති නමුත් ඔවුන් ඒ සඳහා නිසි අනුග්‍රහයක් දක්වා නැති බවට ඔබට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
ඇතැම් විට ඔවුන් යහපත් ප්‍රතිචාර දක්වා තිබුණා නම් මේ විනාශය සමහරවිට මගහරවා ගන්නට තිබුණා.
පිළිතුර : පළමුව මම කැමතියි ඔබව නිවැරදි කරන්න එක කන්ටේනරයක පමණයි කාන්දුව සිදු වී තිබුනේ. නැතුව කන්ටේනර් ගණනාවක නොවේ. ඇත්තටම ගින්නට හේතුව පැහැදිලි කර ගැනීම ඉතාම අසීරු කටයුත්තක්.
කන්ටේනරයක යම්කිසි රසායනික කාන්දුවක් සිදු වෙමින් තිබුනා, බොහෝ විට ඒක මේ ගින්නට හේතු වෙන්නට පුළුවන්.
නමුත් මං අවධාරණය කරන්න කැමතියි අපට සීයට සීයක් තාමත් තහවුරු වී නැහැ.
මේ වගේ සිදුවීම් මුහුදේ ඕනතරම් සිද්ධ වෙනවා ඇතැම් අවස්ථාවලදී වරායන් උදවු කිරීමට එකඟ වෙනවා ඇතැම් අවස්ථාවල දී එකග වෙන්නේ නෑ.
එමෙන්ම මුහුදු මාර්ග ඔස්සේ අන්තරායකාර භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව එවැනි තත්ත්වයක් පාලනය කරගැනීම නැවේ කාර්ය මණ්ඩලයටයි පැවරෙන්නේ.
මෙතෙක් කරන ලද සොයා ගැනීම් වල දී තහවුරු වෙලා තියෙන්නේ ඔවුන් නිසි ලෙස කටයුතු කර ඇති බවටයි.
මෙය නිවැරදිව සිදු වුණා මැයි විසි වැනිදා නැවේ යම්කිසි දුමාරයක් දකිනකම්.
ප්‍රශ්නය : අන්තරායකාර ද්‍රව්‍යය දුර්වල ලෙස ගබඩා කිරීම නිසා ඇතිවූ කාන්දුවක් හේතුවෙන් මේ ගින්න ඇතිවුණු බවටයි දැනට තියෙන තොරතුරු තහවුරු කරන්න.
මේ වගේ රසායන ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන් වරින් වර නැව් ගිනි ගැනීම් සිදු වෙනවා මේක වහාම සොයා බැලිය යුතු පිළියම් යෙදිය යුතු කාරණයක් නේද?
පිළිතුර : ඔබ ඉතාම හොඳ ප්‍රශ්නයක් මතු කළේය නැව් සමාගම් මේ ගැටළුවට පිළිතුරු සෙවීමට පසුගිය වසර ගණනාව පුරා ඉතා දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා.
ඔබ මතක තබා ගත යුතුයි මේ කන්ටේනර නැවට පැටවීමේදී ඒවා මුද්‍රා තබලා තියෙන්නේ අපි ප්‍රතිපත්තිමය වශයෙන් විශ්වාස කරනවා එම කන්ටේනර් තුල ද්‍රව්‍ය නිසි ලෙස ගබඩා කර කර ඇති බවට.
අපිට මේවා විවෘත කරන්න අවසරයක් නැහැ.
අපි විශ්වාස කරනවා ඒවා වෘත්තීය මට්ටමෙන් සිදුවෙලා ඇති කියලා.
ඒ වගේම ඒ තුළ ඇති ද්‍රව්‍ය නිවැරදි ආකාරයට වාර්තා කරලා ඇති කියලා.
පසුගිය කාලය පුරාම ගනනින් කිව නොහැකි තරම් නෞකාවල විවිධ ගිනි ගැනීම් ඇතිවෙලා තියෙනවා විවිධ වූ සංකීර්ණ ක්‍රියාවලිය නිසා.
ඒවා ඇතැම් විට රසායන ද්‍රව්‍ය කාන්දුවීම නිසා සිදුවූ ඒවා තමයි.
බොහෝම ස්තුතියි සැමුවෙල් යොස්කොවිට්ස් මහත්මයා.
තොරතුරු මූලාශ්‍රය
www.itnnews.lk/2021/06/04/340743/