Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි ආකාරය ගැන පරීක්ෂණයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

sinhala.adaderana.lk

ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ ධීවරයන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වරාය කටයුතු භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාරා ආයතනය ඇතුළු ආයතන සහ පිරිසක් නම්කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවී ඇති බවය.

මේ අතර කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පරීක්ෂා කිරීමට අද (04) රජයේ රස පරීක්ෂකවරයා ගොස් තිබේ.

රජයේ රස පරීක්ෂකවරයා අද පෙරවරුවේ නැවට ඇතුළු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ද සමගිනි.

මේ අතර නෞකාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවේ කපිතාන්වරයා ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ගින්න පාලනය කිරීමෙන් පසු නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් මතුවීම හේතුවෙන් එය ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යෑම ආරම්භ කළත් එය ගෙන යා හැකි වූයේ මීටර 500 ක දුරකට පමණි.

නැවේ පිටුපස කොටස මුහුදු ජලයෙන් යටවීම නිසා එම උත්සහාය අත්හැර දැමුණි.

මේ වනවිට නැවේ පිටුපස කොටස මීටර 22ක් පමණ ගැඹුරින් ඇති මුහුදු පතුලේ ගැටී පවතී.

නෞකාවේ ඉන්ධන ටැංකි එහි පිටුපස කොටසේ පිහිටා තිබීම නිසා යම් ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් මහාපරිමාණ සමුද්‍ර දූෂණයක අවදානමක්ද මතුව තිබේ.

ඒ අනුව නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදුවන්නේද සහ වෙනත් හානි සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

තොරතුරු මූලාශ්‍රය

http://sinhala.adaderana.lk/news/153512/%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92-%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A

Chandana Sesath Jayakody

Read Previous

Ship owners agree to make interim payment for damages

Read Next

Navy collects 584 tons of plastic pellets washed ashore from burnt vessel

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!