Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසු කැස්බෑවුන් 176ක් මරුට – අධිකරණයේ දී හෙළිවේ

අද දෙරණ

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු තල් මසුන් 04 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපතිවරයා අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම් දීම සිදුකළේය.

එම සත්ත්ව මරණ වාරකන් කාලය හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව පැවසූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම මරණ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය හේතුවෙන් සිදු වූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් ද නිර්දේශ කර ඇතැයි සඳහන් කළේය.

එම සත්ත්ව මරණවලට අදාළව දිවයින පුරා පිහිටි අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

ඊට අමතරව එම සත්ත්ව මරණ පිළිබඳව නාරා ආයතනය කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන ගණනාවක් හරහා පරීක්ෂණ සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Court informed of marine animals killed in X-Press Pearl disaster

Read Next

වනජීවි නිලදරුවාට පහරදුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට ගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!