Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවෙන් පාවී ආ භාණ්ඩ එකතු කළ අය සොයා විමර්ශන

දිනමිණ

කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගනිමින් පවතින “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙන් මුහුදට වැටෙන භාණ්ඩ වෙරළට ගොඩගැසූ පසු රැගෙන ගිය පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මීගමුව, කොච්චිකඩේ, පමුණුගමුව, දුන්ගල්පිටිය පොලිස් වසම් ආශ්‍රිත වෙරළ තීරයට ජනතාව රැස්වී එම භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

ඒ සම්බන්ධ වීඩියෝ දර්ශන ද මේ වනවිට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

නිරෝධායන රීති කඩ කිරීම සහ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් එම පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කිරීමට නියමිතය.

මේ වනවිට නෞකාවෙන් පාවී ආ සුන්බුන් එකතු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු සහ ලොරි 01 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

තොරතුරු මූලාශ්‍රය

http://www.dinamina.lk/2021/05/27/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/122972/%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%93-%E0%B6%86-%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94-%E0%B6%9A%E0%B7%85-%E0%B6%85%E0%B6%BA-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1

Admin

Read Previous

අධික වර්ෂාවෙන් හා සුළඟින් හොරණ, ඉංගිරියට දැඩි හානි

Read Next

ගිනි ගන්නා නෞකාව පරීක්ෂා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!