
www.lankanewsweb.net
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර සම්බන්ධයෙන් මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අද (03) ආණ්ඩු පක්ෂ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම නෞකා අනතුර ගැන සමාජ කුකුසක් ඇතිකරමින් එම සිදුවීමෙන් දේශීයව අන්තර්ජාතිකව කුමන්ත්‍රණයක් ඇති බවටත් මතයක් ගොඩනගන්නට මහාචාර්යවරිය උත්සහ කරන බවටයි එම මන්ත්‍රීවරු චෝදනා කරන්නේ.
පැමිණිල්ල භාරදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිදිගොඩ මහතා සඳහන් කරන්නේ මහාචාර්යවරිය සිය කරුණු තහවුරු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරන බවයි.
”අපිට පෙනී යනවා එම කරුණු තුළින් සමාජ තැතිගැන්මක් යම් මහජන කැළඹීමක් ඇති වෙන්න පුළුවන් කියන එක. යම්කිසි අයුරකින් ඇය කියන කරුණු වල සත්‍යතාවක් තිබෙනවා නම් ඒ තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවට අවශ්‍ය පරීක්ෂණ කටයුතු කිරීමටත් ඒ සම්බන්ධයෙන් වැරදිකරුවන්ට දඬුවම් කිරීමටත් අවකාශයක් තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් උත්සුක වෙන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ හෝ පොලීසියට පැමිණිල්ලක් කරමින් තමන් දන්නා කරුණු ඉදිරිපත් කිරීමේ වගකීම පැහැර හරිමින් කටයුතු කරනවා.”
ඒ අනුව ඇගේ ප්‍රකාශයේ සත්‍යතාවක් ඇත්නම් ඒ ගැන පරීක්ෂණ කොට වැරදිකරුවන්ට දඬුවම් කරන ලෙසත් ඇය ප්‍රකාශ කර තිබෙන දේවල් අසත්‍ය නම් ඒ සම්බන්ධයෙනුත් කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.
මේ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ මහාචාර්යවරිය අදහස් ප්‍රකශ කරන්නේ ඇය උගත් පර්යේෂණ සිද්ධාන්ත මත නොවන අතර සිය විෂය සිද්ධාන්ත මගහැර දේශපාලන මතවාදයක් ගොඩනැගීමට උත්සහ දරන බව බැලූ බැල්මට පෙනෙන්නට ඇති බවයි.
රටේ පවතින තත්ත්වය අනුව මේ මොහොතේ දේශපාලන කුමන්ත්‍රණ සමඟ පොරබැදිය නොහැකි හෙයින් වගකීමෙන් කටයුතු කරන ලෙසද මන්ත්‍රීවරයා මහාචාර්යවරියගෙන් ඉල්ලසිටින ලදී.
ASK
News Source