Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදු වූ හානියට ඩොලර් බිලියන 6.4ක් වන්දි අය කර ගැනීමට නියෝගයක් නිකුත් කරන්න

රෝෂන් තුෂාර – dinamina.lk
අධිකරණ

වාණිජ මහාධිකරණයේදී නඩු දෙකක් ගොනු කරයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට නෞකා සමාගමෙන් සිංගප්පූරුවේ හා ලන්ඩන් සමාගම ඇතුළු නියෝජිත ආයතන හතකින් ඇමරිකන් ඩොලර් බිලියන 6.4 (ඇමෙරිකන් ඩොලර් මිලියන 6483416430.49) වන්දි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වන්දි නඩු දෙකක් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ඊයේ (16) පස්වරුවේ ගොනු කෙරිණි.

සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, ඇලකන්ද සදාසරණ ග්‍රාමීය ධීවර සමිතියේ උප සභාපති ඩබ්ලිව්. කේ. පෙරේරා, හැඳල පමුණුව ග්‍රාමීය ධීවර සංවිධානය, මීගමුව ප්‍රසිද්ධ හෝටල් සමාගම් දෙකක් ඇතුළු 06 දෙනෙකු විසින් එම පෙත්සම් 02ක ගොනු කළේය.

නඩු දෙකේ වගඋත්තරකරුවන් ලෙස ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම ඇතුළු එම නෞකාවේ හිමිකරු, රක්ෂණකරු, ක්‍රියාකරු වශයෙන් කටයුතු කරන සමාගම් අටක් නම් කර ඇත.

සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අදාළ නියෝග නිකුත් කරන ලෙසට වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ නෞකාව කොළඹට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වීම නිසා එම නෞකාවේ තිබූ ඉන්ධන ජලයට මුසුවීම තුළින් දැඩි පාරිසරික මෙන්ම ආර්ථික හානියක් ද මෙරටට සිදුවී ඇති බවය.

නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම තුළින් විශාල සාගර දූෂණයක් සිදු වූ අතර, එම රසායනික ද්‍රව්‍ය වාතයට මුසුවීම හරහා වායු දූෂණය වීමක් ද සිදු වී තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන් විශාල පිරිසක් මරණයට පත් වූ අතර, ධීවරයින් විශාල පිරිසකට සිය ජීවනෝපාය අහිමි වී ගිය බවත් පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.

සංචාරක කර්මාන්තය ඇතුළු හෝටල් කර්මාන්තයටත් විශාල අගතියක් සිදු වූ බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදු වූ මෙම අනතුර නිසා අගතියට පත් පාර්ශ්වයන්ට වන්දි ගෙවීමට අදාළ නෞකා සමාගම් බැඳී සිටින බවත් පෙත්සමේ සඳහන් කොට ඇත.

ඒ අනුව නඩු දෙකට ඇමරිකානු ඩොලර් බිලියන 6.4කට අධික (6,483,416,430.49) වන්දියක් වෙන් වෙන්ව වගඋත්තරකරුවන්ගෙන් අය කර දෙන නියෝග නිකුත් කළ ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Global warming set to break key 1.5C limit for first time

Read Next

පොලිසියේ නවතා තිබූ බසය වෙත පා ගමනින් ආ කොන්දොස්තරට වන අලි ප්‍රහාරයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!