Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

එක්ප්‍රස් පර්ල් නෞකාවෙන් කාන්දුවන ඉන්ධන සාගර ජලයෙන් ඉවත් කිරීමට පේරාදෙණිය සරසවියෙන් නව නිපැයුමක්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

ගිනිගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටවන ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයෙන් ඉවත් කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සොයා ගෙන තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙම ක්‍රමවේදයට අනුව ගැටලුවකින් තොරව සාගරයට එක්වන ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය ඉවත් කළ හැකි බවයි. මෙම නව ක්‍රමවේදය ඔස්සේ ඉවත් කළ ඉන්ධන නැවත භාවිතයට ගත හැකිය. මෙම ක්‍රමවේදය සදහා අදාළ පේ්ටන්ට් බලපත්‍රය පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ලබා ගෙන ඇත. ජාතික අධ්‍ය්‍යාපන ආයතනය, බෝගල පතල හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මීට අවශ්‍ය සහය ලබාදෙයි.

මෙම නැවේ ගබඩා කර ඇති ඉන්ධන තොගය වෙනත් නැවකට කාන්දු නොකර බැහැර කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බව මහාචාර්යවරයා සදහන් කළේය. කාන්දු වු ඉන්ධන කඩිනමින් ඉවත් කළ යුතු අතර එමගින් පරිසරයට සිදු වන හානිය අවම කර ගත හැකි බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Mystery skin disease affecting whitetip reef sharks could be caused by rising sea temperatures

Read Next

Sri Lanka included in research project on chemical fertilizer use

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!