Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

එකවර මිය ගොස් සිටි විශාල කැස්බෑවුන් 06 දෙනෙකු හමුවෙයි…

lankacnews.com

මන්නාරම වංකාලෙයිපාඩු මුහුදු තීරයේදී මියගොස් මුහුදුවෙරලට ගොඩගසා තිබූ කැස්බෑවුන් 06 දෙනෙකුගේ සිරුරු සොයාගත් බවට මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

වංකාලෙයිපාඩු නාවිකහමුදා කඳවුරේ නිලධාරීන් පිරිසකට අදාල කැස්බෑ සිරුරු හමුවීමෙන් පසුව ඒ පිළිබඳව මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දීමෙන් පසුව අදාල ස්තානයට වනජීවි නිලධාරීන් ගොස් කැස්බෑ සිරුරු රැගෙන යාමට කටයුතු කරන ලදි.

උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක්ද අදාල සථානයට ගොස් කැස්බෑ සිරුරු පරික්ෂා කොට අවසන් කටයුතු සිදුකල අතර කැස්බෑවුන් නරක් වී තිබී ඇති අතර මිය යාමට හේතුව නිශ්චිතව අනාවරනය වී නොමැති හෙයින් කැස්බෑ සිරුරු කොටස් සායන පරික්ෂාවකටද යොමු කොට ඇති බවට වනජීවි නිලධාරීන් පැවසීය.

මේ අතර ප්‍රදේශ ධීවරයින් පවසා සිටියේ අදාල කැස්බෑවුන් මිය ගොස් ඇත්තේ පසුගියදා ගිනිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ බලපෑම නිස බවට තමන් සැක කරන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Chandana Sesath Jayakody

Read Previous

යාල සහ ආකාශ චෛත්‍ය සහ ‘අනවසර’ ඇතුළු වීම: වනජීවී දෙපාර්තමේන්තුව වාර්තාවක් කැඳවයි

Read Next

CEA initiates national programme to reduce greenhouse gases and air pollutants

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!