
අකිත පෙරේරා – රනිල් ධර්මසේන
එකම දිනකදී කටුපොල් සම්බන්ධයෙන්, එක සමාන අංකයක් යටතේ කාරණා දෙකක් ඇතුළත් කරමින් ආණ්ඩුව විසින් නිකුත්කර ඇති ගැසට් පත‍්‍රයක් සම්බධයෙන් විධිමත් පියවරක් ගන්නැයි සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04* කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
2021 අපේ‍්‍රල් 05 දා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ගැසට් පත‍්‍රයක් තිබෙනවා. එහි අංකය තමයි 22 ඇල ඉරක් 13 ඒකත් තියෙන්නේ කටුපොල් අපනයනය නැවැත් වීමටයි.
තවත් ගැසට් එකක් තියෙනවා එදාම තමයි නිකුත් කරලා තියෙන්නේ. නොම්බරයත් ඒකමයි. නමුත් ඒ ගැසට් එක අර ගැසට් එකට වඩා වෙනස්.
දෙවැනි ගැසට් එකේ තියනවා කටුපොල් ආනයනය තහනම් කිරීමට අමතරව, මේ වගා කරලා තිබෙන කටුපොල් ගස් ගලවන්න කියලා.
එක දවසේ එක ගැසට් අංකයක් යටතේ කවුද මේ ගැසට් එක ගැහුවේ. ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් විසින් නිකුත් කළ ගැසට් එකක් මේක. එහෙම වෙනස් කරලා ගැසට් ගහන්න කාටද අයිතිය තිබෙන්නේ?
එක ගැසට් එකක් ගැහුවට පස්සේ ඒක වෙනස් කරලා තවත් ඒ අංකයෙන්ම ගැසට් එකක් ගහනවා නම් ඒක ප‍්‍රශ්නයක්.
මේ ගැන හොයලා බලලා පාර්ලිමේන්තුව දැනුවත් කරන්න. ඒ වගේම අලූත් ගැසට් එකක් ගහන්න වෙයි මේ දෙකම එකට එකතු කරලා.
තොරතුරු මූලාශ්‍රය https://divaina.com/daily/index.php/pradeshiya-puwath/57808-2021-05-04-13-15-44