Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඌව වෙල්ලස්සට අත නොතබනු !
විරෝධතා රැළිය

දැවැන්ත ජන විරෝධතා රැලිය අද දින බිබිල නගරයේදී පැවැත්විණි.රිදීමාලියද්ද – දෙහිගම ගොවි ⁣ඉඩම් මහා පරිමාණ උක් වගාවක් සදහා සිංගප්පූරුවේ බහුජාතික සමාගමකට පවරා දීමට දරණ කූඨ වෑයම ඇතුලුව සිදුවන පරිසර විනාශය හා⁣ ෙප්‍රෟඩ ඉතිහාසයකට උරුමකම් කියාපාන අපේ ජාතික උරුමයට අනාගතයේදී අත් විය හැකි ප්‍රතිවිපාක පෙන්වා දෙමින් බහුජන සංවිධානවල සහභාගිත්වයෙන් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ මෙම දැවැන්ත විරෝධතාවය සංවිධානය කර තිබුණි.
ඌව – වෙල්ලස්ස පෞරාණික උරුමයන්ගේ හදවත වන අතර නිල්ගල වනාන්තරය ඇතුලුව රැකගත. යුතු වටිනා පාරිසරික සම්පත්වලින් යුක්තය. මේ ගොවි බිම් බහුජාතික සමාගම්වලට කෙදිනක හෝ නතු වුවහොත් ප්‍ර දේශයේ දිවි ගෙවන අහිංසක ජනතාවගේ ජන ජීවිතය ⁣ඉතාමත් ශෝචනීය ⁣ඉරණමකට පත්විය හැකි වන බව සහභාගී වූ බහු ජන නියෝජිතයින් පෙන්වා දුන්හ.
මෙම තීන්දු තීරණ වෙනස් වන තුරු මෙම විරෝධතා ⁣අඛණඩව ඉදිරියට ගෙන යා යුතු බවට පැමිණි සියල්ලෝම සපථ කලහ.

Chandana Sesath Jayakody

Read Previous

Empowering women

Read Next

Hands Off Our Land !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!