
SC FR 273 / 2015
මෙරට වියළි කලාපයක් වන හම්බන්තොට ප්‍රදේශයට ජලය ලබාදීම සහ බලශක්ති අර්බුදයට පිළියම් සෙවීම අරමුණු කරගනිමින් නිසි පාරිසරික බලපෑම් ඇගයීමකින් තොරව ඉදිකෙරෙමින් පවතින අසාර්ථක උමා ඔය බහු කාර්යය යෝජනා ක්‍රමය හේතුවෙන් දහසකට වැඩි ස්ථීර පදිංචි පවුල්සංඛ්‍යාවක් අවතැන්භාවයට පත්වීම සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් 2015 වසරේ දී මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී.
මෙහි වගඋත්තරකාර පාර්ශවයන් වශයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ ලේකම්, වාරිමාර්ග හා ජල සම්පත්කළමනාකරණ අමාත්‍යංශ ලේකම් මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපති නම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස 7500කට වැඩි ප්‍රමාණයකට අලාභ හානි වී ඇති අතර බණ්ඩාරවෙල සහ බදුල්ල ප්‍රදේශයේ පවුල් 20,000 ක් පමණ ව්‍යාපෘතියේ අහිතකර බලපෑම්වලින්තවමත් පීඩා විඳිති. විශේෂයෙන් මෙම ව්‍යාපෘතියේ අහිතකර බලපෑම් වශයෙන් ළිං, උල්පත් හා ජල ප්‍රභවයන් වියළී යාම, බිත්ති, නිවාස හා පොළව පුපුරා යාම, වී වගාව හා ගොවිබිම් විනාශ වීම ආදී සංසිද්ධීන් දැකගත හැකිය. මෙම හානි හේතුවෙන් මෙම ප්‍රදේශයේ පුද්ගලයින් දහස් ගණනක් අවතැන්වී සිටිති. මෙහිදී පෙත්සම්කරුවන් ගරු අධිකරණයෙන්ඉල්ලා සිටින ලද සහනයන් වූයේ පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම්ලබා දීම, හානී වී ඇති නිවාස සඳහා නිසි වන්දි ලබා දීම, ප්‍රදේශයේ ප්‍රධාන ආර්ථික කටයුත්තක් වන එළවළු වගාව ඇතුලු සියලු වගාවන්ට සිදුවූ හානි සඳහා රජය මඟින් නිසි වගා වන්දි ලබා දීමයි.
මෙම නඩුව තවමත් විභාග වෙමින් පවතින අතර බදුල්ල දිස්ත්‍රීක් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා වෙත 2016 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේ වගාවන්ට සිදුවූ හානි සම්බන්ධයෙන් සොයා බලා අදාල වන්දි ලබා දීමට කටයුතු සම්පාදනය කරන ලෙසයි. තවද පානීය ජල ගැටලුවට විසඳුම්වශයෙන් මකුල්ඇල්ල, කුරුදුගොල්ල සහ වෙහෙරගලතැ න්න යන ජල ව්‍යාපෘති මඟින් පීඩාවට පත් ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට වහාම කටයුතු කරන ලෙසත් නියෝග කරන ලදී. තවදුරටත් උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රතිඵල හේතුවෙන්ජනතාව මුහුණ දෙන වර්තමාන ගැටළු පිළිබඳව අධිකරණය සොයා බැලූ අතර, උක්ත නියෝගය ප්‍රකාරව වගා හානි සඳහා තක්සේරුගත වන්දි ප්‍රමාණය නිසි ලෙස ගෙවා නොමැති බැවින්ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස 2020 මාර්තු මස දී නීතිපතිවරයාට නියෝග කරන ලදී.