Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඉන්දියාවෙන් බිත්තර මිලියන දෙකක් ලංකාවට

aruna.lk

බේකරි කර්මාන්තය සඳහා බිත්තර හිඟයක් පවතින බවත් බිත්තරයක මිල රුපියල් 48 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවැසීය.

මෙම හිඟය නිසා ලබන සතිය වන විටදී බිත්තර ආනයනය කිරීමට නියමිත බවද සභාපතිවරයා කීවේය. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක කියා සිටියේ දිනක බිත්තර අවශ්‍යතාවය ලක්ෂ 55 ක් වුවත් නිෂ්පාදනය කෙරෙන්නේ බිත්තර ලක්ෂ 50 ක් බවය.

කෙසේ නමුත් බිත්තර නිෂ්පාදනය සතිපතා වැඩිවන බවත් කුකුළු ගොවිපොළවලින් බේකරි හිමියන්ට බිත්තරයක් රුපියල් 42 කට හෝ 43 කට නිකුත් කෙරෙන බවත් පැවැසූ ඔහු බිත්තරය ග්‍රෑම් 60 කට වඩා වැඩි වන්නේ නම් මිලෙහි යම් වෙනසක් සිදුවන බවද කීවේය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ කියා සිටියේ ලබන සතියේදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කෙරෙන බවය.

පළමු තොගය ලෙස බිත්තර මිලියන දෙකක් ආනයනය කෙරෙන බවත් ඊට අදාළ මාර්ගෝපදේශ රජයේ පශු සම්පත් අංශ විසින් ලබාදී තිබෙන බවද ඇය කීවාය.

තොාාාාාාාාාාාාාාාාාාාාාාරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

කුල භේදය ගැන අලුතෙන්ම ගත් තීරණය

Read Next

පිට පිට භූ කම්පන දෙකකින් තුර්කිය සිරියාව යළි දෙදරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!