Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඉන්දියාවෙන් ගෙන්වූ හෘදයාබාධ හඳුනා ගැනීමේ බාල ට්‍රොපනින් කට්ටලත් ඉවතට – බාල ඖෂධ ගෙන්වීම ගැන වහාම ජනාධිපති විමර්ශනයක් ඕනෑ – වෛද්‍ය චමල් සංජීව

සුජීව තත්තසර – divaina.lk

ඉන්දියාවෙන් ගෙන්වූ හදිසි හෘදයාබාධ හඳුනා ගැනීමේ කටයුතු සඳහා භාවිත කෙරෙන ට්‍රොපනින් (Tropanin 1) පරීක්‍ෂණ කට්ටල ද තත්ත්වයෙන් බාල බව තහවුරු වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ‘දිවයින’ ට ඊයේ (16 දා) පැවසීය.

මෙම පරීක්‍ෂණ කට්ටල මගින් සිදුකර ඇති පරීක්‍ෂණවලින් නියමිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් එම රසායනාගාර කට්ටල වහාම රෝහල්වලින් ඉවත්කර නැවත ඖෂධ සැපයුම් ඒකකය වෙත යැවීමට පියවර ගෙන ඇතැයි ද හෙතෙම පැවසීය.

මේ තත්ත්වය යටතේ තත්ත්වයෙන් බාල ඖෂධ දිගටම රටට පැමිණීම සැලකිල්ලට ගනිමින් වහාම ජනාධිපති විමර්ශනයක් කළ යුතුව ඇතැයි පැවසූ වෛද්‍ය චමල් සංජීව මහතා මේවාට සම්බන්ධ සියලු පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය ජාත්‍යන්තරයේ හෑල්ලුවට ලක්වීම වළකා ගත හැකි බව ද අවධාරණය කළේය.

හෘදයේ වේදනාවක් සහිතව රෝහල්ගත වන රෝගීන්ට හදිසි හෘදයාබාධ තත්ත්වයක් වැළඳී තිබේදැයි තහවුරු කර ගැනීම සඳහා මෙම ‘ට්‍රොපනින්’ පරීක්‍ෂණය ඉතා වැදත් බවත්, මෙම පරීක්‍ෂණ ප්‍රතිඵල මත රෝගියාට ලබාදෙන ඖෂධ තීරණය කරන බවත් වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ඩොලරය බසී

Read Next

ශ්‍රීපාද වන්දාකරුවන් අපද්‍රව්‍ය ටොන් 113ක් බැර කරලා – මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පරිසර අංශය කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!