Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඇෆ්ගනිස්තානයේ ඩොලර් ට්‍රිලියනයක ඛනිජ සම්පත් නිධි

dinamina.lk

චීනය, පාකිස්තානය සහ ඉන්දියාව විමසිල්ලෙන්

දශක දෙකක යුද තත්ත්වයකින් අනතුරුව ඇෆ්ගනිස්තානයේ පාලනය තලෙයිබාන් පාලනයට නතු වී තිබෙන අතරතුර එරටට අයත් ඩොලර් ට්‍රිලියනයකට ආසන්න ඛනිජ සම්පත් නිධිවලට කුමක් සිදු වේ දැයි අන්තර්ජාතික තලයේ කතාබහට ලක් වී ඇත. ඇෆ්ගනිස්තානය ලොව දුප්පත්ම රටවල්වලින් එකකි. එහෙත් 2010 දී අමෙරිකානු හමුදා නිලධාරීන් සහ භූ විද්‍යාඥයන් පැවැසුවේ එරට භූමි ප්‍රදේශයේ ඩොලර් ට්‍රිලියනයකට ආසන්න වටිනාකමක් ඇති යපස්, තඹ සහ රන් නිධි පිහිටා ඇති බවයි.

මේ මගින් එරට ආර්ථිකය සෞභාග්‍යය කරා මෙහෙයවීමට හැකි බව පැවැසේ. මෙයට අමතරව නවීන තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය කරන තවත් ඛනිජ ද්‍රව්‍ය නිධි රැසක්ම එහි පිහිටා ඇති අතර ලොව විශාලතම ලිතියම් නිධිය ඇත්තේ ද එරටයි. සම්ප්‍රදායික ලෝහ සඳහා තෝතැන්නක් වන ඇෆ්ගනිස්තානය මේ අනුව නවීන තාක්ෂණයට අත්‍යවශ්‍ය ලෝහ සැපැයීමේ රටක් ලෙස ඇෆ්ගනිස්තානය ඉදිරියට එනු ඇතැයි විශ්වාස කෙරේ. ආරක්ෂක තත්ත්වය, දැඩි නියඟය නිසා මේ සම්පත් කැණීමට කලින් බාධා පැමිණියත් දැන් චීනය, පාකිස්තානය සහ ඉන්දියාව මේ කටයුතු කෙරෙහි යොමු වනු ඇතැයි විචාරකයෝ අදහස් පළ කරති.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

කරිතුරෙයිපට්ටු රක්ෂිතයේ බැකෝ යන්ත්‍ර යොදාගෙන මහා පරිමාණ වන විනාශයක්

Read Next

කාබනික පොහොර අභියෝගය ජය ගන්න බවර් සැලැස්මක් හදයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!