Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඇස්බැස්ටොස් තහනම පාසල් සහ පෙරපාසල් වලට

චන්දන සේසත් ජයකොඩි

පාසල් සහ පෙරපාසල් වල අලුතින් ඉදිකෙරෙන වහලවල් සඳහා ඇස්බැස්ටෝස් භාවිතාකිරීම තහනම් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත්කිරීමට කටයුතු සූදානම්කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශකරයි.
ලන්ච් ෂීට් වල ඝනත්වය සඳහා වන මයික්‍රෝන 20 ක සීමාව හඳුනාගැනීම සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදුකල නොහැකි බැවින් එම වැඩපිළිවෙලේ අසාර්ථකත්වය ගෙනහැර දැක්වූ ඇමතිවරයා ඉදිරියේදී ඝනත්ව සීමාවකින් තොරව සි්‍යළුම ලන්ච් ෂීට් වර්ග වෙළඳපොලෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවද පැවසීය.
පෙට් බෝතල් භාවිතය අවම කිරීම සහ ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා වන යෝජනා ඉදිරි සති 02 ක කාලයක් තුල ලබාදීමට අදාල නිශ්පාදකයන් එකඟවූ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.

Chandana Sesath Jayakody

Read Previous

කැලෑ පාළුවෝ දෙවියන් කෙළසති

Read Next

No Asbestos Roofing for Schools and Preschools

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!