Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඇමෙරිකාවේ හමා ගිය කුණාටුවකින් 80කට වැඩි පිරිසක් මරුට

divaina.lk

ඉකුත් සිකුරාදා (10 දා) රාත‍්‍රියේ හා සෙනසුරාදා (11දා) උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම හා දකුණුදිග ප‍්‍රදේශවල හමා ගිය දරුණු කුණාටුවක් හා චණ්ඩ මාරුතයක් (ටොනේඩෝ) හේතුවෙන්  ගොඩනැගිලි කඩා වැටීමෙන් එම සුන්බුන්වලට යට වී පුද්ගලයන් සිය දහස් ගණනක් මියගොස් ඇති බව වාර්තා වී තිබේ. මෙම දරුණු කුණාටුවෙන් වැඩි හානියක් සිදුව ඇති කෙන්ටකි ප‍්‍රාන්තයේ පමණක් කඩා වැටුණු ගොඩනැ`ගිලි සුන්බුන්වලට යටවීමෙන් පුද්ගලයන් 70කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වී ඇත.

ඇමෙරිකාවේ හමා ගිය කුණාටුවකින් 80කට වැඩි පිරිසක් මරුට

කුණාටුවත් සමගම හමා ගොස් ඇති චණ්ඩ මාරුතයට හසු වීමෙන් කෙන්ටකි ප‍්‍රාන්තයේ පිහිටි ඉටිපන්දම් නිෂ්පාදන කමිහලක්, බටහිර ඉලිනොයි ප‍්‍රාන්තයේ පිහිටි ඇමේසන් සමාගමට අයත් ගුදමක් (වෙයාර්හවුස්) ආර්කන්සස් ප‍්‍රාන්තයේ පිහිටි සාත්තු නිවාසයක් කඩා වැටීමෙන් ඒවායේ සිටි පුද්ගලයන් විශාල පිරිසක් මියගොස් ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ. සුන්බුන්වලට යට වී සිටි පුද්ගලයන් සිය ගණනක් ඊයේ (12 දා) දහවල් වන විට මුදා ගැනීමට බලධාරීන්ට හැකි වී ඇති බව වාර්තා වී ඇත. මෙම කුණාටුව හා චණ්ඩ මාරුතය හේතුවෙන් මියගිය පුද්ගලයන් සොයා බලධාරීන් විසින් මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබේ. ගොඩනැ`ගිලි කඩා වැටීම හේතුවෙන් කෙන්ටකි ප‍්‍රාන්තයේ පමණක්

 මියගොස් ඇති සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. කුණාටුව හමා ගොස් ඇති 2700ක් පමණ දෙනා වාසය කරන ඩෝසන් ස්ප‍්‍රින්ග්ස් ප‍්‍රදේශයේ එක`දු නිවසක්වත් දක්නට නොලැබෙන බව පවසා ඇති කෙන්ටකි ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් එම නිවාසවල සිටි බොහෝ දෙනකු මියයන්නට ඇතිය යන්න විශ්වාස කරන බව සඳහන් කර තිබේ. ඉකුත් සිකුරාදා රාත‍්‍රියේ කුණාටු 30ක් පමණ ඇමරිකාවේ ප‍්‍රාන්ත හයක් හරහා පැතිර ගොස් ඇති බව වාර්තා වේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

නාගරික සංවර්ධන අධිකාරිය විදේශ ආයෝජන ගිවිසුම් දෙකකට – රජයේ ඉඩම් රැසකුත් විදේශ ආයෝජකයන්ට බදු දෙයි

Read Next

ඔමික්‍රෝන් නිසා එංගලන්තයේ 75,000ක් දෙනා මිය යනු ඇතැයි හෙළි වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!