Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඇත්දළ දෙකකට දෙපාර්ශ්වයක් හිමිකම් කියයි

dinamina.lk

සැකකරුවෙකු සමඟ පොලිස් භාරයට ගත් සද්දන්ත හස්තියකුගේ බවට සැක කරන විශාල ඇත් දළ දෙකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වලව් පාර්ශවයක පුද්ගලයකු හිමිකම් කීමට ඉදිරිපත් ව ඇතැයි පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

ඉකුත් දොළොස්වෙනි දින මාතර පිටබැද්දර ප්‍රදේශයේ දී සැකකරුවකු සමඟ ඇත්දළ යුගළය පොලිස් භාරයට ගෙන තිබිණි.

එය ලක්ෂ පනහකට මිලකට අලෙවි කිරීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අද ඇත්දල යුගළය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබා දීමත් සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සහ අකුරැස්ස දිගල වලව් පරම්පරාවේ සාමාජිකයෙකු වන නිහාල් පෙරේරා මහත්තුරුන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශ ලබා දෙමින් ඇත්දළ යුගළයට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් ඉදිරිපත්ව ඇතැයි පොලිසිය කියයි.

ඉකුත් මැයි මස 9 වැනි දින අරගලකාරීන් නිවසට පහර දී ගිනි තැබූ අවස්ථාවේදී කොල්ලකන ලද දේපළ අතර තිබූ ඇත් දළ යුගළය වසර කීපයකට ඉහත දී ඥාතියෙකු විදේශ ගතවන අවස්ථාවේදී තමන් වෙත ලබාදුන් ඇත්දළ යුගළයක් බවත් එය බොහෝ දුරට නැති වූ ඇත් දළ යුගලය බවට සැකකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මන්ත්‍රීවරයා ලබාදුන් ප්‍රකාශක සඳහන් වේ. මේ අතර අකුරැස්ස දීගල වලව්වට හිමිකම් කියන පාර්ශවයේ සමීප ඥාතියෙකු භාරයේ මෙම ඇත් දළ යුගළය තිබුණු බවත් එහිදී අස්ථානගත වූ ඇත් දළ යුගළය මෙය බවට සැකකරන බවත් එම වලව් පාර්ශවයේ පුද්ගලයකු වන නිහාල් පෙරේරා මහතා පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වේ.

ඇත් දළ යුගලය සම්බන්ධයෙන් දෙපාර්ශවය සිදුකළ ප්‍රකාශ අද (27) මොරවක අධිකරණය වෙත වාර්තා කරන බවත් එහිදී එම පාර්ශවයන් දෙක ද අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

තොරොතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ර⁣ටින් එන බිත්තර මෙරට බේකරි එපා කියයි?

Read Next

තුර්කි භූ කම්පනයේ ගොඩනැඟිලි විනාශයට කොන්ත්‍රාත්කරුවෝ 184ක් අල්ලති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!