ඇත්තටම අපි කන්නේ වස විසද?

මහාචාර්ය චන්ද්‍රා ධර්මවර්ධන – divaina.com

වර්තමානය වන විට දවසේ වැඩි කාලයක් අසුන්ගතව ගෙවන අකර්මන්‍ය ජීවන රටාව සාමාන්‍ය සම්මතයක් වී ඇති අතර මෙය නිරනිතරයෙන් පැණි රස සහ මේදමය ආහාරවලින් පිරී ඇති ශීතකරණක් තම නිවස්වල තබාගෙන ඇති ප‍්‍රභූ පැලැන්තියේ දක්නට ලැබෙන තත්ත්වයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ”කොත්තු”, ”බිරියානි”, ”පීසා”, වැනි ආහාර වර්ග මෙම ජීවන රටාවන්වල අත්‍යාවශ්‍ය අංග බවට පත්ව ඇති නමුත්, බෝග ලබාගන්නට යොදන පොහොර වර්ගවලින් නිකුත් වූවා යැයි කිව හැකි බර ලෝහ වැනි වස විසක් පස, ජලය, ආදියෙහි ඇතැයි කීමට සාක්ෂි නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය දී ඇති මට්ටම්වලට ඉතා අඩු සුළු මාත‍්‍රාවක් පමණක් තිබිය හැකි බවද, එය නිරායාසයෙන් පොළොවේ ඇත්තක් බවද පරීක්ෂණවලින් ඔප්පු වී ඇත.

තවද රසායනික පොහොර භාවිතාවෙන් ලැබෙන ආහාරය පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට අහිතකර බව මෙම ඉහළ පැලැන්තියේ අය ඉඳුරාම ප‍්‍රකාශ කරයි. අනෙක් පසින් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ රටේ පුරවැසියන්ගේ සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කිරීමට අවශ්‍ය තීරණ ගැනීමට සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමට රජය කිසිවිටකත් පසුබට නොවිය යුතු බවයි. තවත් පිරිසක් කෘෂි රසායන තහනම් කිරීමට රජය කඩිමුඩියේ තීරණය කිරීමට විරුද්ධව ඔවුන්ගේ මතවාද ඉදිරිපත් කරන අතරම කෘෂි රසායන වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම හා කාබනික කෘෂිකර්මාන්තය වෙත යොමු වීම ක‍්‍රමානුුකූලව සිදුකිරීම රටේ පුරවැසියන්ගේ සෞඛ්‍යාරක්ෂාව මෙන්ම තිරසාර බව තහවුරු කිරීමට අත්‍යාවශ්‍ය කටයුත්තක් බවට තරයේ ප‍්‍රකාශ කර සිටියි.

සමහර මාධ්‍ය ආයතන මෙවැනි ”මතවාද නිපදවන්නන්” හට රුකුල් සපයන අතර මෙවැනි පුද්ගලයන් දිගින් දිගටම අප ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍ය විස කැවූ ඒවා බව සමාජ ගතකරමින් සිටියි. එවැනි පසුබිමක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උසුලන ලොව පතල කීර්ති නාමය හෑල්ලූවට ලක්වීම කනගාටුවට කරුණකි. තවද මෙම මාධ්‍ය විසින් ප‍්‍රසිද්ධිය ලබා දෙන ”විද්‍යාඥයන්” කියාගන්නා පිරිස පවසන ආකාරයට අතීතයේ ජීවත් වූ අප මුතුන්මිත්තන් සියලූ පෝෂණ පදාර්තයන්ගෙන් අනූන ස්වාභාවික ආහාර පරිභෝජනය කළ අතර ඔවුන් පිළිකා, ස්ථූලභාවය වැනි නිදන්ගත රෝග වලින් තොරව ජීවත් වී ඇති අතර දැනට පවතින සංඛ්‍යාත දත්ත සියල්ලම නොසලකා හරිමින් වෛද්‍ය සභාවේ නිලධාරියකු වන විශේෂඥ වෛද්‍යවරයකු පවසන අන්දමට පුරාතන මුතුන්මිත්තන් වසර 148ක් පමණ ආයුෂ ද භුක්ති විඳ ඇත.

අතීතයේ වාසය කළ ජනතාවට ආහාර ද්‍රව්‍ය නොඅඩුව පැවති බවට පවසයි. ඊජිප්තුව පුරාතණ ලෝකයේ ධාන්‍යාගාරය ලෙසත්, ශ‍්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙසත්, එවකට පංචානන්දය ලෙස හඳුන්වන ලද වත්මන් පංජාබය මුළු ලොකයේම ධාන්‍යගාරය ලෙසද නම් දරා තිබුණ ද එම කාලසීමාවන් වල ජනතාව මුහුණ දුන් අති භයානක මන්දපොෂණ සහ සාගත තත්ත්ව ඉහත කී අර්ධ සත්‍ය පුරාවෘත්ත පසුපස සැඟවී යයි. එමෙන්ම නවීන කෘෂිකර්මාන්තයත් සමඟ මෙම මන්දපෝෂණ සහ සාගත තත්ත්ව යටපත් වූ බවද කිවයුතු වේ.

හිටපු පාර්ලිමේන්තු කථානායකවරයකු ද ඇතුළත්ව අනෙකුත් සමහර ඇමැතිවරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවා ප‍්‍රකාශ කර සිටින්නේ ලාංකේය ජනතාව තම කෑම වේල සමඟ වස විස ආහාරයට ගනිමින් සිටින බවයි. මෙම දූෂමාන තොරතුරු සනාත කිරීමට සහය පළ කරන විද්‍යාර්තයින් පිරිසක් ද සිටින අතර ඔවුන් සැබැවින්ම මෙම ප‍්‍රකාශවල අසත්‍යතාව නොදැකීමට තරම් අවිචාරාත්මකභාවයෙන් යුක්ත වීම හෝ නැතහොත් දේශපාලන වාසි අපේක්ෂාවෙන් මෙය සිදුකරන බව පිලිගත යුතුවේ. පිටරටකින් ගෙන්වන ලද දොඩම්වල විටමින් ක්‍ අන්තර්ගත නොවන බවත් බිබිලේ පැනි දොඩම්වල විටමින් ක්‍ නිසැකවම ඇති බවත් පවසන නමුත් සෝගම් පැලයක් හරි හැටි හඳුනාගත නොහැකි අයෙක් තමන්ට කෘෂි විද්‍යාර්තයෙක් යැයි කියාගන්නේ නම් එවැනි පුද්ගලයෙක් සිදුකරන්නේ අන්කවරක් නොව පොදු මහ ජනතාව තුළ කෘෂි විද්‍යාර්තයන් කෙරෙහි ඇති පැහැදීමෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීමයි.

යෝජිත පොහොර තහනම සමඟ පැමිණි යොජනා වලින් එකක් වන්නේ දේශීය එප්පාවල රොක් පොස්පේට් පොහොර ලෙස යොදා ගැනීමයි. නමුත් මෙම රොක් පොස්පේට් පොහොර තුළ ද දැනට ආනයනය කරන ඛනිජ පොහොරවල අඩංගු වන අපද්‍රව්‍ය පිට රටින් ගෙනෙන පොහොරවල ඇති අපද්‍රව්‍ය මට්ටමටම වගේ ඇත. ගුණවර්ධන සහ පිරිස විසින් ජාතික විද්‍යා පදනමේ පර්යේෂණ සඟරාවේ ප‍්‍රකාශිත දත්ත වාර්තාවලට අනුව එප්පාවල රොක් පොස්පේට්වල කැඞ්මියම් සාපේක්‍ෂව අඩු මට්ටමක තිබුණ ද එහි අඩංගු ආසනික් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් එකට ග‍්‍රෑම් 23 – 27ක් පමණ ඉතා ඉහළ අගයක් ගනී. එප්පාවල රොක් පොස්පේට් කැණීමට මෙන්ම ඒවා ජලයේ ද්‍රාවනය වන පොස්පේට් වර්ගයකට බවට පරිවර්තනය කිරීමට සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවනවා මෙන්ම එමගින් විශාල පරිමාණයේ පාරිසරික හානියක් ද සිදුවේ. එබැවින් ආනයනය කිරීම හැම අතින්ම ලාබදායක මෙන්ම පරිසර හිතකාමී ද වේ. වර්තමානයේ බොහොමයක් කූට න්‍යාය පත‍්‍රවලට අනුව ඛනිජ පොහොරවල බැර ලෝහ අති විශාල ප‍්‍රමාණයන්ගෙන් අඩංගු වන බව පවසයි. එනමුත් ඉතාම නරක තත්ත්වයේ ඛනිජ පොහොර වර්ගයකට උදාහරණයක් ලෙස නවසීලන්තයේ භ්මරස පොස්පේට් සලකා බැලූව හොත් සාමාන්‍යයෙන් අප යෙදිය යුතු ප‍්‍රමාණයට වඩා දස ගුණයක පොහොර ප‍්‍රමාණයක් හෙක්ටයාරයක වපසරියක ඇති පසක් සඳහා නගුලේ ගැඹුරට යෙදුව ද එම පොහොර ප‍්‍රමාණය මගින් සත්‍ය වශයෙන් පරිසරයට විසර්ජනය වන ආසනික් හෝ කැඞ්මියම් බැර ලෝහ ප‍්‍රමාණය නොගිනිය හැකි තරම් ස්වල්ප ප‍්‍රමාණයක් බවට සනාත කර ඇත.

එහෙයින් වැරැුද්ද ඇත්තේ ලංකාව පාවිච්චිකරන පොහොරවල බැර ලෝහ අඩංගු වීම පිළිබඳ යොදා ගෙන තිබෙන සාවද්‍ය පිළිවෙතයි. කැනඩාව වැනි රටක් පොහොර කිලෝ එකක් කැඞ්මියම් අපද්‍රව්‍ය මිලිග‍්‍රෑම් 899ක් දක්වා පිළිගන්න මුත්, ලංකාවේ ප‍්‍රමිතිය අනුව කඞ්මියම් මිලිග‍්‍රෑම් 5ක් උපරිම මට්ටම ලෙස ප‍්‍රමිතිය නියම කොට ඇත. එහෙයින් හොඳ පොහොර පවා ”අපද්‍රව්‍ය වලින් පිරී ඇතැ” යි වැරදිව තහනම් කිරීම සහ, වස විස රටට ගෙනෙනවා යැයි ඝෝෂා කිරීමක් ද සිදු වෙයි. පොස්පේට් වැනි පොහොර අධි භාවිතයේ සැබෑ හානිකර තත්ත්වය වන්නේ ඒවා වැසි ජලය සමඟ සේදී යෑම හරහා ජලාශවල ඇල්ගී (පෙඳ* අධික වශයෙන් ඇති වී දූෂණය වීම වන අතර කිසිසේත්ම අප ගන්නා ආහාරවල අඩංගු විස ද්‍රව්‍යයක් බවට පත්වීමක් සිදු නොවේ.

කොම්පෝස්ට් ප‍්‍රධාන වශයෙන්ම ගොවිපලේ අපද්‍රව්‍ය, සත්ව මල හා බහිස‍්‍රාවී ද්‍රව්‍ය මෙන්ම ස්වාභාවික කොල රොඩු ආදිය උපයොගී කරගෙන නිෂ්පාදනය කරනු ලබන අතර කිසිවිටකත් පොහොරක් ලෙස සැලකිය නොහැක. කොම්පොස්ට් යනු මූලික වශයෙන් පසෙහි වසන ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර තත්ත්වයක් ඇතිකරන ද්‍රව්‍යයක් (සංඝටකයක්* එනම් පාංශු පිළියමක්, ලෙසම සැලකිය යුතු ය. සාමාන්‍යයෙන් පොහොරවල කාර්යභාර්ය වන්නේ ශාක වර්ධනයට අත්‍යාවශ්‍ය පෝෂ පදාර්ථ සැපයීමයි. ඒ අතුරින් මූලික පෝෂක සංඝටක ලෙස නයිට‍්‍රජන්, පොස්පරස්, පොටෑසියම් හඳුනාගත හැකි අතර අනෙකුත් අංශු මාත‍්‍ර මූලද්‍රව්‍ය ද සුළු ප‍්‍රමාණයන්ගෙන් අවශ්‍ය වේ. කොම්පෝස්ට්වල මෙම ප‍්‍රධාන මූලද්‍රව්‍ය ලෙස නයිටි‍්‍රජන්, පොස්පරස්, පොටෑසියම් අවශ්‍ය ප‍්‍රමාණයට අඩංගු නොවන බැවින් එම අඩුපාඩුව පියවා ගැනීමට ”ගෙරිකටු” එසේත් නැති නම් සත්ව ඇටකටු, ලේ, ආදිය ද සැලකිය යුතු ප‍්‍රමාණයක් එකතු කිරීමට සිදුවිය. හේන් වගාව සිදුකරන සමයේදී වුවද වගාවන් ආරම්භ කරන ලද්දේ කැලෑව එලිපෙහෙලි කර ගිනිතැබීමෙන් පසුවයි. එමගින් දැව ආදිය ගින්නට හසුවීමෙන් වගාවට අවශ්‍ය කරන මූලික මූලද්‍රව්‍ය වන නයිට‍්‍රජන්, පොස්පරස්, පොටෑසියම් සපයා ගැනීමට හැකියාව ලැබුණි. එසේ වගා කරන බිම් වසර දෙක තුනක් අවසානයේ අත්හැර දමන අතර අලූත් බිම් කඩක් තෝරා එලි පෙහෙලි කර ගිනි තබා නැවත වගා කිරීම සිදුකරයි. මූලික වශයෙන් කොම්පෝස්ට් මගින් සිදුකරන්නේ පසට අවශ්‍ය කළු පස් (හියුමස්* එක් කිරීම මගින් වැලි සහිත හෝ මැටි සහිත පසක් පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ ක‍්‍රියාවලීන්ට වඩාත් හිතකර මට්ටමට පත් කිරීමයි. එබැවින් කොම්පෝස්ට් යනු පොහොරක් නොවන බවත් එය හුදෙක්ම පාංශු ක්ෂුද්‍ර ජීවීන් පසට එක්කරමින් පාංශ වයනය වැඩිදියුණු කරන එක් සංඝටකයක් පමණක් බවත් පැහැදිලිව අවබෝධ කරගැනීම වැදගත්ය. මීට අමතරව අතිශයින් දූෂණයට ලක් වූ විවිධ කර්මාන්තශාලා වැනි දෑ ආශ‍්‍රීත පසක් යථා තත්ත්වයට පත්කර ගැනීමට කොම්පෝස්ට් වලට වඩා ඉතාම ඵලදායී ක‍්‍රමෝපායක් ලෙස ක්‍ෂුද්‍ර ජීවීන් ආශ‍්‍රයෙන් වැඩිදියුණු කරන ලද ”බයෝචාර්” නැමැති සක‍්‍රීය කරන ලද කාබන් විශේෂයක් දැක්විය හැකිය. තවද පස යතා තත්ත්වයට පත්කිරීම සඳහා වන එකම පිලියම කොම්පෝස්ට් පමණක් නොවන අතර ඩොලමයිට්, ලයිම්ස්ටොන් හෝ දැව අළු ආදිය ද ආම්ලික පසක් සාර්ථකව යථා තත්ත්වයට ගෙන ඒමට පවතින විකල්ප ක‍්‍රම ලෙස දැක්විය හැක.

මේ වනවිට ශ‍්‍රී ලංකාව වසරකට රුපියල් බිලියන 40කට ආසන්න ප‍්‍රමාණයක් පොහොර ආනයනයට වැය කරන අතර එමගින් පොහොර මෙටි‍්‍රක් ටොන් මිලියන 1.3ක් මෙරටට ගෙන්වයි නිවර්තන කලාපයේ රටවල නිපදවන කොම්පෝස්ට් පොහොර ටොන් එකක අන්තර්ගත පොස්පරස් ප‍්‍රතිශතය 1-2% ක් වන අතර ආනයනය කරන ඛනිජ පොහොර ටොන් එකක පොස්පරස් 40-50% ප‍්‍රතිශතයක් අඩංගු වේ. ඒ අනුව දැනට ආනයනය කරන ඛනිජ පොහොර මගින් ලබා දෙන සංඝටක ප‍්‍රමාණය සම්පූර්ණයෙන්ම කොම්පෝස්ට් මගින් ලබා දෙන්නට සිතන්නේ නම් සාමාන්‍යයෙන් කොම්පෝස්ට් ටොන් 65ක් පමණ අවශ්‍ය වන අතර මෙම දැවැන්ත කොම්පෝස්ට් ප‍්‍රමාණය රට පුරා බෙදාහැරීමට ට‍්‍රක්රථ විශාල ප‍්‍රමාණයක් යොදා ගැනීමට සිදුවන අතර එය අති විශාල ඛනිජ තෙල් දහනය කිරීමකට මග විවර කරන්නකි. තවදුරටත් සලකා බලන්නේ නම්, කොම්පෝස්ට් ටොන් එකක් නිපදවීමට කාබනික අපද්‍රව්‍ය ටොන් 10ක් පමණ අවශ්‍ය වන අතර සමස්ත පොහොර අවශ්‍යතාවය කොම්පෝස්ට් මගින් සපයා ගැනීමට හැකි තරම් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට නම් දල වශයෙන් ගොවිපල හා අනෙකුත් නාගරික කාබනික අපද්‍රව්‍ය ටොන් බිලියන 1.3ක් පමණ එක් රැුස්කර අදාළ නිෂ්පාදන ක‍්‍රියාවලීන්ට ලක් කළ යුතු වේ. ඒ අනුව අවසාන වශයෙන් දේශීයව නිපදවන ලද කොම්පෝස්ට්වල මිල ආනයනය කරන රසායනික පොහොර මෙන් සිය ගුණයකින් පවා මිල වැඩි වෙනු ඇත. විදේශ විනිමයක් වැය වනු ඇත.

කෙසේ නමුත්, ඉහත පැහැදිලි කළ තත්ත්වයට ප‍්‍රධානම හේතුව වන්නේ කොම්පෝස්ට් යනු පොහොරක් ලෙස වැරදි අර්ථකථනයක සිට කටයුතු කිරීමයි. කොම්පෝස්ට් යනු 1-2% පමණ අඩු ප‍්‍රමාණයක පෝෂණ සංඝටක ඇතුළත් පාංශු වයනය වැඩිදියුණු කරන පාංශු ප‍්‍රතිකාරයක් බව නිවැරදිව වටහාගෙන එමගින් ඉටුකරන කාර්භාර්ය මනාවට තෝරා බේරාගෙන අවශ්‍ය ප‍්‍රමාණයට පාවිච්චි කරන්නේ නම් වාර්ෂික කොම්පෝස්ට් අවශ්‍යතාව හසුරුවා ගත හැකි මට්ටමක පවතින අතර ඒ හා සම්බන්ධ තාක්ෂණික තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයකම පාහේ බෙදා හරින ලද විස්තර පත‍්‍රිකාවල අන්තර්ත කර ඇත.

දුර්මතධාරි රජවරුන් මෙන්ම දේහපාලකයන් නිසා අතීතයේදීත් අහිංසක රටවැසියන් හට සාගතවලට මුහුණ දීමට සිදු වී තිබේ. ඉංග‍්‍රීසියෙන් ‘ ඕර්ගැනික් ෆාර්මිං’ යන්නට සිංහලයෙන් ”කාබනික කෘෂිකර්මය” යැයි යෙදීම සාවද්‍යයි. නිවැරදි භාවිතාව විය යුත්තේ ”ජ්‍යවමය කෘෂිකර්මාන්තය” යන යෙදුමය. මහජනයා දැනට ගන්න ආහාරයෙහි ”වස විස ඇතැ” යි යන මිත්‍යාවේ තරයේ එල්බගෙන ඉන්නා රජයක් ”මහජන සුභ සිද්ධිය” තකා යැයි කියමින් නයිටි‍්‍රජන්, පොස්පරස්, පොටෑසියම් ඇති පොහොර තහනම් කොට ඇත. ජ්‍යයිව පොහොර ටොන් ගණන් මහා පරිමාණ සැපයීමක් තබා සුළු සැපයීමක් වත් නොමැත. ඇත්ත වශයෙන් පොහොරක් නොවන, හුදු පාංශු ප‍්‍රතිකාරකයක් වන කොම්පෝස්ට් ”පොහොර” රට පොහොර වෙනුවට ආදේශ කිරීමට යාමෙන් රටේ කෘෂිකර්මයට සහ මහජනයාගේ බත් පිඟානට මරු පහරක් වැදෙනු ඇත. ලක් වැසියන්ට එයින් බේරීමට යම් මාර්ගයක් තිබේද?

මෙවැනි යථාර්ථවාදී නොවූ රාජ්‍ය ප‍්‍රතිපත්ති මහජනතාව වෙත බලෙන් පටවන විට ජනතාව කෙසේ හෝ තම දිවි ගැටගසා ගත්තද ඔවුන් සදාකාලිකවම ඉතාම දුඃඛිත ජීවිතයක් ගෙවනු ඇති අතර මෙවැනි දේ වලින් වාසි උපයා ගන්නා වංචනික හොර නඩය වෙනදා මෙන්ම තම මඩිය තරකර ගනු ඇත. මීට පෙර පැවති සිරිසේන ආණ්ඩු සමයේ ද මෙවැනිම රසායනික වල්නාශක තහනමක් ක‍්‍රියාවට නැංවූ අතර එවකට ආණ්ඩු පක්ෂයේම සිටි ඇමැතිවරයෙක් වරක් රූපවාහිනි වැඩසටහනක් අතරතුර කියා සිටියේ ඔහුගේ අක්කර 30ක් වූ පෞද්ගලික තේ වගා ඉඩම් සඳහා අවශ්‍ය ග්ලයිෆොසේට් වල් නාශක ප‍්‍රමාණය නීති විරෝධී කළු කඩකරුවන් ඔසසේ ලබාගත් බවයි.

රසායනික පොහොර ආනයනය තහනම් කරන බවට නිකුත් වූ ප‍්‍රවෘත්තිය සමඟම පැවති පොහොර තොග වෙළෙඳපොළෙන් අතුරුදන් වී ඇත. තව ටික දිනකින් කළුකඩ හිමියන්ගේ ගබඩා වෙත යූරියා ඇතුළු ඛනිජ පොහොර අත්භූත ලෙස පහල වනු දැක ගත හැකි වනු ඇත. බොහෝ විට මෙම පොහොර කාබනික පොහොර ලෙස ලේබල් කර තිබුණ ද ඉතා විශාල ප‍්‍රමාණයන්ගෙන් නයිටි‍්‍රජන්, පොස්පරස්, පොටෑසියම් මූලද්‍රව්‍ය අඩංගු වනු ඇත. සමහර විට මහා රාවණා රජු විසින් පොහොර නිපදවීමට භාවිතා කළ පාරම්පරික ක‍්‍රම හෝ නාථ දෙවියන් විසින් ලබා දුන් වට්ටොරුවකට අනුව පිළියෙළ කළ පොහොරක් යයි කියා විකිණීමට ද පුළුවන. ඇත්තෙන් සිදුවන්නේ පොහොර නොමැතිව මන්ද පෝෂණය වූ බෝගයන්ගෙන් ලැබෙන මන්ද අස්වැන්න නිසා මහජනයා ද මන්ද පෝෂණයට සහ සාගතයට ගොදුරු වීමයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

චීනයේ ගෑස් නලයේ පිපිරීමෙන් මිය ගිය ගණන ඉහළට

Read Next

X-PRESS PEARL නෞකාවේ අනතුරින් පසු මුහුදු ජීවීන් මිය යෑමට හේතුව කියන්න මේ තරම් ප්‍රමාද ඇයි ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »