Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

අලි ඇතුන් ඔවුන්ගේ පෞද්ගලික හිමිකරුවන් ලෙස පෙනී සිටින අයවළුන් වෙත නිදහස් කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් අයවළුන් විසින් අභියාචනාධිකරණයේ පැවරූ නඩුකරය

2021.09.29

මාධ්‍ය නිවේදනය

නඩු අංකය – CA Writ 423/21

අලි ඇතුන් ඔවුන්ගේ පෞද්ගලික හිමිකරුවන් ලෙස පෙනී සිටින අයවළුන් වෙත නිදහස් කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් අයවළුන් විසින් අභියාචනාධිකරණයේ පැවරූ නඩුකරය

  • නඩුවට අදාල කිසිදු අලියෙකු නැවත දන්වන තුරු ලියාපදිංචි කිරීම තහනම්
  • “සුජීවා” සහ ඇත්පැටවා තවදුරටත් දෙපාර්තමේන්තුව භාරයේ තැබේ.

අද දින (29) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන ගරු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ උක්ත නඩුව කැඳවූ අවස්ථාවේ පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් අයවළුන් විසින් ඉදිරිපත්කල පෙත්සමට අමතරව ඊට අදාල තවත් පෙත්සම් කිහිපයක් ද සලකා බලන ලදී.

ඉන් අනතුරුව ගරු අධිකරණය නියෝග කලේ “සුජීවා” ඇතින්න සහ එම පැටවා දැනට රඳවා ඇති ස්ථානයේ ම තවදුරටත් රඳවා තැබීමට හා අධිකරණයේ පැවැත්වෙන නඩුවට සම්බන්ධ කිසිදු අලියෙකු නැවත දන්වනතුරු ලියාපදිංචි කිරීමෙන් වලකින ලෙසයි.

අදාල අලින්ගේ භාරකාරත්වය දරන්නේ යැයි කියනු ලබන පාර්ශව කිහිපයක් ද මෙම නඩුවට ඇතුලත් වීම සඳහා අද දින ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. එම ඉල්ලීම් සියල්ල සලකා බැලූ අධිකරණය ඔවුන් ද මෙම නඩුවේ පාර්ශවකරුවන් ලෙස ඇතුලත් කිරීමට තීරණය කරනු ලැබීය. එම ඉල්ලීම් සම්බන්ධ විරෝධතා කිසිවක් වෙතොත් ඒවා ගොනුකිරීම සඳහා ගරු අධිකරණය විසින් සති 02 ක කාලයක් ලබාදෙනු ලැබූ අතර නඩුව ඔක්තෝබර් මස 13 වන දින නැවත කැඳවීමට තීරණය විය.

පරිසර යුක්ති කේන්ද්‍රය, විතානගේ දොන් හේමන්ත සිසිර කුමාර, පාත්‍රාගොඩ කංකානමගේ දිලෙන, පංචාලි මධුරංගි පනාපිටිය, මහේෂි නලිංකා මුණසිංහ සහ වාද්දුවගේ විශාකා පෙරේරා තිලකරත්න යන අය මෙහි පැමිණිලිකරුවන් වන අතර වනජීවි සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ – විශේෂ විමර්ෂණ අංක 01කාර්ය භාර නිලධාරිවරයා, පොලිස්පතිවරයා, එස්. ප්‍රභාකරන් සහ සී. වික්‍රමනායක යන ගරු මහේස්ත්‍රාත්වරුන් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම්කරමින් මෙම නඩුව පවරා තිබිණි.

  වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර 

• නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා (077307850) - සභාපති, පයරිසර යුක්ති කේන්ද්‍රය හෝ  
• නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය  (077 3930820) - අධ්‍යක්ෂිකා, පරිසර යුක්ති කේන්ද්‍රය අමතන්න.

පරිසර යුක්ති කේන්ද්‍රය

Chandana Sesath Jayakody

Read Previous

කාබනික පොහොර ආනයනයට අවසර

Read Next

Case Filed by the Center For Environmental Justice and Others in the Court of Appeal Against The Release of Elephants to Those Who Claim To Be Their Private Owners

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!