Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

අලියකුගේ පහර දීමකින් අයෙක් මරුට

lankadeepa.lk – ප්‍රියානි  මංගලිකා

කොටවෙහෙර , ගිරිල්ල  පොලිස්  වසමේ  නාවානේදී සිදු වූ වල්අලි ප්‍රහාරයකින්  75  වියැති පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව ගිරිල්ල පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නාවාන ,සිරිසෙතගම ලිපිනයේ පදිංචි  තිදරු පියෙකු හා  වරාය විශ්‍රාමික  නිලධාරීයෙකු වන  තිලකරත්න වනිගසිංහ (75)  නැමති  අයෙකි.

වල්අලි ප්‍රහාරයෙන් බරපතල අනතුරකට ලක්ව  සිටි  මෙම පුද්ගලයා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත්  කර  ,දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි .

තම ඉඩමේ ඉදිරිපස ගේට්ටුව වැසීමට පැමිණි අවස්ථාවේ ,  අසල    මාර්ගයේ  රැඳී සිටි තනි අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි .

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිල්ල පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

අපහාස නීතිය අලු‍ත්කිරීම කාලෝචිතයි

Read Next

Mini Tsunami Pounds Southern Coast

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!