
හේමන්ත විතානගේ
අම්පාර උහන ප්‍රදේශයේ පිහිටා ඇති නවගිරි ආරු ජලාශයට පෝශනය සපයන නවගිරිආරු ඇල රක්ශිතයද ඇතුලත්ව අලින් ජීවත්වන වනාන්තරයේ හෙ 25 වනාන්තර කොටසක් මේ වනවිට බුල්ඩෝසර යොදා විනශකර ඇති අයුරු මෙම පින්තූරවලින් දැක්වේ. මෙම ඉඩම්වලට බලපත්‍ර ඇතැයි එම විනාශය කල පුද්ගලයා ප්‍රකාශ කලද,මෙවන් වට්නා වනාන්තර කොටසක් කිසියම් කටයුත්තකට යොදාගැනීමට පෙර වනසංරක්ශන දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය අත්‍යාවශ්‍යය. එහෙත් තවමත් එවන් අවසරයක් මෙම ආයතන ලබාදී නොමැති අතර මේ තැනැත්තා ප්‍රදේශයේ දේශපාලකයකුගේ බලය පාවිච්චි කරමින් මෙම වටිනා වනාන්තරය විනාශකොට ඇති බව දැනගන්නට ලැබී ඇත. මොහුගේ බලපුලුවන්කාරකම් නිසා මාධ්‍ය ආයතන පවා මේ ගැන නිහඩ බව දැනගන්නට ඇත.