Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

අභිරහස් ලෙස අලි ඇතුන් මියයෑම ගැන අධිකරණය නීතිපතිගෙන් වාර්තාවක් ඉල්ලයි.

colomboxnews.com

මෑතකදී හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් හත්දෙනෙකු අභිරහස් ලෙස මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකළ පෙත්සමක් අද (20) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා පරීක්ෂණ වාර්තාව ඉදිරි සති දෙක තුළ අධිකරණය හමුවේ ගොනු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පෙත්සම ඔක්තෝබර් මස 26 වනදා යළි කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය ඊට පෙර අදාළ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට දැනුම් දුන්නේය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් සඳහන් කර සිටියේ මෑතකදී හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් හත්දෙනෙකු අභිරහස් ලෙස මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බවය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

CEA initiates national programme to reduce greenhouse gases and air pollutants

Read Next

Polythene grocery bags to be banned from January 2022

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!