Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

අධික වර්ෂාවෙන් හා සුළඟින් හොරණ, ඉංගිරියට දැඩි හානි

දිනමිණ
ප්‍රියදර්ශනී කහවල

ඉංගිරිය සහ හොරණ පෙදෙස් හරහා ඊයේ (26) චණ්ඩ මාරුතයක් සමඟ ඇති වූ අධික වර්ෂාවෙන් ප්‍රදේශ ගණනාවක නිවාස රැසකට‍ මෙන්ම විදුලි සැපයුමටද දැඩි අලාභහානි සිදුව තිබේ.

ඒ අනුව ඉංගිරිය, ඇදුරාගල ප්‍රදේශයේ හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරට ඇතුළුවන මාර්ගයේ පිහිටි විශාල ගසක් අධිබලැති විදුලි රැහැන් පද්ධතිය මතට ඇදවැටීම හේතුවෙන් අධිබලැති විදුලි කණුවක් කැඩී වෙන්ව යාමෙන් විදුලි සැපයුමට දැඩි බාධා එල්ලවී ඇත

ඊට අමතරව ඉංගිරිය ආශ්‍රිතව තවත් ප්‍රදේශ රැසකම ගස් කඩාවැටීමෙන් විදුලි රැහැන් පද්ධතියේ බිඳවැටීම් සිදුවූ අතර, මේ හේතුවෙන් ඉංගිරිය, කැකුළලිය, නම්බපාන, ඌරුගල, දිවුල්‍පොත ඇතුළු ප්‍රදේශ ගණනාවක විදුලිය ඇණහිටීම සිදුවිය.

එසේම අධික වර්ෂාවත් සමඟ කුකුළේගම ජලාශය වාන් දැමීමෙන් සහ කළුගඟ ඇතුළු අතු ගංගා පිටාර ගැලීමෙන් ඉංගිරිය, නම්බපාන, කැකුළලිය, ඌරුගල, ගුරුගොඩ, සොඳුරුප්ප ආදී ප්‍රදේශ ගණනාවක පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇති අතර, කැකුළලිය, හල්වතුර වත්ත, ඌරුගල, හිඹුටුහේන, කිරිගලහේන ආදී පෙදෙස්හි නිවාස මතට විශාල ගස් කඩාවැටීමෙන් ගොඩනැඟිලි රාශියකට දැඩි අලාභහානි සිදුව තිබේ.

(ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල)

තොරතුරු මූලාශ්‍රය

dinamina.lk/2021/05/27/පුවත්/122977/අධික-වර්ෂාවෙන්-හා-සුළඟින්-හොරණ-ඉංගිරියට-දැඩි-හානි

Chandana Sesath Jayakody

Read Previous

April 2021 and Year to Date Were Among Earth’s Top-10 Warmest

Read Next

‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවෙන් පාවී ආ භාණ්ඩ එකතු කළ අය සොයා විමර්ශන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!