Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

අත් වැල්තොට කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධ නඩුකරය

SC FR 137 / 2017

සිංහරාජ වනාන්තරයට යාබදව ගලා බසින කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති ජෛව විවිධත්වයෙන් අනූන ජලජ පරිසර පද්ධතියක් වන අත්වැල්තොට දියඇල්ල ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිතව තිබූ කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය නතර කරන ලෙස බල කරමින්පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කරන ලදී.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු වගඋත්තරකරුවන් 17 දෙනෙකු මෙම නඩුවේ වගඋත්තරකරුවන් බවට පත්කර ඇත. ශ්‍රී ලංකාවට ආවේණික හා ඒකදේශීය මත්ස්‍ය විශේෂ රාශියක්සිය වාසස්ථාන කරගත් මෙම දිය ඇල්ලෙහි, මුළු ලෝකයෙන්ම මෙම ස්ථානයෙහි පමණක්ම වාසය කරන ‘කළු වරල් හල්මල් දණ්ඩියා’ ගේ ජීවී පැවැත්ම ආරක්ෂා කිරීමේ වැදගත්කම හා ඒ හේතුවෙන් ව්‍යාපෘතිය නතර කරන ලෙස ඉල්ලමින් සහ සමස්ථයක් ලෙස දර්ශනයට ඇති අයිතිය ජල අව්‍යශතා වෙනුවෙන් දියඇල්ල භාවිතා කිරීමේ අයිතියද ව්‍යාපෘතිය ඉදිකිරීමෙන් අවහිර වන බව සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත.

Chandana Sesath Jayakody

Read Previous

කුඩා ජල විදුලි බලාගාර සම්බන්ධ පොදු නඩුකරය

Read Next

රිදීමාලියද්ද උක් කර්මාන්තයට ඉඩම් ලබාගැනීම සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!